දෙමළ ජනතාවගෙ දෙමළ මනාපය

ෆව්සි,ජෙයරාජ්,බකීර් මාකර්,මොහමඩ් වැනි නම් ඇසුනු විට ඔවුන් කවුරුන්දැයි සැවොම දනී. ඔවුහූ දේශපාලනඥයන් වන අතර විශේෂිත දේශපාලනඥයෝ වන්නාහ. ඒ විශේෂත්වය නම් ඔවුන් බොහෝ විට සිංහල හෝ මිශ්ර ජනවර්ගවලින් පාර්ලිමේන්තුවට යැවූ සිංහල නොවන දේශපාලනඥයන් වන නිසාය. වික්රමබාහු කොළඹ දිස්ත්රික්කය තුළ ජීවත් වන කොළඹ නගර සභාවට කිහිප වරක්ම තරඟ කොට පරාජය වූවෙකි. බහුතරය සුළු ජාතින් ජීවත්වන කොළඹ නගර සභාව තුළ සුළු ජාතින් වෙනුවෙන් හඬ නගන ඉතාම පිරිසිදු චරිතයක් හිමි, අවංක එඩිතර, මානව හිතවාදී බාහුට කොළඹ නගර සභාවට පත්වීමට නොහැකි වූයේ ඇයි? ඒ වෙනුවට අවස්ථාවාදී ප්රභා ගනේෂන්ලා, මනෝ ගනේෂන්ලා පාර්ලිමේන්තු යවන තැනට කොළඹ නගර සභාවේ සුළු ජාතීන් ක්රියා කර ඇත්තේ ඇයි? බාහූට සමාන චරිතයක් වූ වාසුට සංධානයෙන් කොළඹ නගර සභාවට තරඟ වැදී ස්වාධීන කණ්ඩායමක් පරදා නගරාධිපති තනතුරට පත්වීමට නොහැකි වූයේ ඇයි? මෑතකදී උතුරේ පැවැත්වුනු පළාත් පාලන මැතිවරණැයේදී දෙමළ ජාතික සංධානය ඉක්මවමින් උතුරේ ජනතාව වෙනුවෙන් වෙහෙසුණු ජනතා විමුක්ති පෙරමුණට සිය අපේක්ෂකයන්ගේ ඡන්දයවත් නොලැබුණේ ඇයි?
මට සිතෙන ආකාරයට නම් ඒ අන් කිසිවක් නිසා නොව අන් ජාතියකට අයත් වූවෙකුට හෝ දෙමළ නොවන පක්ෂයකට ඡන්දය දීමට දෙමළ ජාතිකයන්ගේ ඇති නොකමැත්තයි. එවන් තත්වයකට දෙමළ ජනතාව පත්වීමට මූලිකව බල පාන්නට ඇත්තේ දෙමළ දේශපාලඥයන් විසින් කලින් කල සිංහලයාට විරුද්ධව කෙරුණු උසි ගැන්වීම විය හැකිය. අනිත් අතට දෙමළ දේශපාලඥයන්ගේ ජාතීවාදී දේශපාලනයට එම වර්ගයේම දේශපාලනයකින් පිළිතුරු දුන් සිංහල දේශපාලනඥයන්ද එවැන්නකට පාර කැපුවා විය හැකිය. වඩාත්ම ශෝචනීය කරුණ වන්නේ එ. ජා. ප. ය, සංධානය සහ ජ. වි. පෙ. ය වැනි පක්ෂ හුදු සිංහල පක්ෂ ලෙස දෙමළ ජනතාව විසින් සලකනු ලැබීමයි. ඒ කෙසේ වුවත් දැන් තත්වය කෙමෙන් සමණය වන ලකුණු පහළව තිබේ. මෑතදී පැවති පුංචි ඡන්දයෙන් සැලකිය යුතු ආයතන ගණනාවක් සංධානයට ලැබී ඇත. තවත් ආයතන බොහෝ ගණනාවකදී සංධානය දෙමළ ජාතික සංධානයට සහ දෙමළ ජාතික විමුක්ති පෙරමුණට ඉතා හොඳ තරඟයක් දී තිබේ. මේ අනුව 2005 ට වඩා තත්වය හොඳ අතට හැරී ඇත. නමුත් සමහර බ්ලොග් කරුවන් සහ මාධ්යවේදීන් වාර්තා කරන්නේ ආණ්ඩුව උතුරේදී පරාජය වූ බවය. උතුරේදී සංඛ්යාත්මකව ආණ්ඩුව පරාජය වූවත් කලින්ට වඩා දෙමළ ජනතාවගේ විශ්වාසය ගොඩනගාගෙන තිබේ. එය ප්රාතිහාර්යයක් නොවූවත් ජයග්රහණයකි. ප්රභාකරන් මියැදී අවුරුදු දෙකක් වැනි කෙටි කාලයකදී මේ තත්වයට පත්වීමට හැකි වීම කිසිවකු නොසිතූ ජයග්රහණයකි. දෙමළ ජනතාව ආණ්ඩුවට බද්ධ වීම වැඩි ඈතක නොවේ. වෙනත් වචන වලින් කියන්නේ නම් දෙමළ ජනතාව විසින් දෙමළ යයි කියා ගනු ලබන පක්ෂ ප්රතික්ෂේප කරන දිනය ඉතාම ලඟය. එය සිදුවන දිනය අපගේ රටේ දෙවෙනි නිදහස් දිනය ලෙස නම් කරතොත් එයට මාගේ අතහිත. දෙමළ ජනතාවගේ සැබෑ විමුක්තිය සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කරගත හැකි වන්නේ එවැනි දිනක යයි මගේ විශ්වාසයයි. ඒ දිනය කල් යන දිනයක් දිනයක් පාසා ඔවුන්ගේ පූර්ණ විමුක්තියද දිනයෙන් දිනය ඈතට ඇදී යයි. දෙමළ ජනතාව එය කල් දැමිය යුතු නොවේ. එයින් අවැඩක් සිදුවන්නේ දශක තුනක් තිස්සේ ලේ කඳුළුන් පිරි ජීවිත ගතකල තමුන්ටත් තමුන්ගේ ඉදිරි පරම්පරාවන්ටත්ය.

This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to දෙමළ ජනතාවගෙ දෙමළ මනාපය

  1. දෙමළ ජනතාව තවම ජාතිවාදී පදනමින් චන්දෙ දෙන කතාව හරි. මේක ටිකෙන් ටික අඩුවෙලා නැතිම වෙලා යෑම තමා වියයුත්තේ. සංධානයේ ඉදිරියට ඒම ඒ අතින් වැදගත්. සංධානෙ හෝ යූ ඇන් පිය බෙදුම්වාදී ගුණ්ඩුව යොදා නොගෙන දෙමළ චන්ද ලබාගන්න උත්සහ කරනවා නම් ඒක හරි වටිනවා.

  2. ඇත්තටම සිංහල ජනතාව ජාතිවාදී නොවන බවට දිය හැකි ප්‍රභල තර්කයක් තමයි සිංහල චන්ද වලින් වෙනත් ජාතිකයින් පාර්ලිමේන්තු යාම.ඔබ සදහන් කල නම් වගේම නුවර ෆයිසර් මුස්තපා, කෑගල්ලේ කබීර් හසීම් වගේ අයත් මෙයට සාක්ශි සපයනවා

Leave a reply to ජයශ්‍රී Cancel reply