මරු කතා

මට විවේකය අඩුය. එනිසාම විනෝදාංශද අඩුය. එහෙත් ඉසුඹුවක් ලද සැනින් මට පරණ “මරු” කතා මතකයට නැගෙයි. මේ එලෙස මගෙ මතකයට පිවිසි “මරු” කතා කිහිපයකි.

 

 

මරු කතා 1

 

එය සුදු නෙලුමෙන්, තවලමෙන් මතු නොව රූප වාහිනියෙන්ද සාමයේ දුගඳ හැමූ සමයයි.  නිවෙදක නිවේදීකාවන්ගෙන් සාමය යන වචනය විනාඩියකට හත් අට වතාවක් කියවෙන තරමට  ජන(අ) ප්‍රිය වචනය බවට පත්වූ චන්ද්‍රිකාගේ පාලන කලයයි. මට මේ රූපවාහිනි සාකච්ඡාව ශ්‍රවණය කිරීමට සිදුවූයේ අහම්බෙනි.

 

රූපවහිනි සාකච්ඡාව සඳහා ආරාධනය කොට තිබුණේ කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාරයවරයෙකි. නිවේදිකාව සහ  එම මහාචාරයවරයා අතර පැවති සම්මුඛ සාකච්චාවේ “මරු” කොටස පහත් සඳහන් කරමි.

 

නිවේදිකාව:

ඔබ කුමක්ද හිතන්නේ සිංහලයන්ව නැගෙනහිර පලාතේ පදිංචි කිරීම ගැන?

 

කතිකාචාරයවරයා:

ඒක හරිම වැරදි ක්‍රියාවක්. ඒ මොකද කියනාවනම් ඒ පළාත්වල ජනතාවට සිංහලයෝ ආගන්තුකයි. එවිට ඔවුන් බය වෙනවා. ජන අනුපාතය වෙනස් වෙනවා. ඒ පලාතේ දෙමළ ජනතාවට එයින් විශාල අසාධාරණයක් සිදු වෙනවා.

 

එම ප්‍රශ්නයෙන් පසු තවත් එවැනිම වලපල් ප්‍රශ්න ඇසීමෙන් සහ එම ප්‍රශ්නවලට දෙමළ කොටි මනසින් ආඪ්‍යව පිළිතුරු දුන් කතිකාචාර්යවරයා වෙත මෙම ප්‍රශ්නය යොමුවිණි.

 

නිවේදිකාව:

උඩරට ප්‍රදෙශයේ දෙමළ ජනතාව පදිංචි කිරීම ගැන මොකද ඔබතුමා සිතන්නේ. එයින් ඒ පළාත්වල සිංහල ජනතාවට අසාධාරණයක් සිදුවුනේ නැද්ද?

 

මෙම ප්‍රශ්නය ඇසුවෙ පළමු සඳහන් ප්‍රශ්නය අසා පැයකට පමණ පසුවය. නිවේදිකාවට සහ කතිකාචාර්යවරයාට යන දෙදෙනාටාම එම ප්‍රශ්නය සහ එයට ලබා දුන්  පිළිතුර අමතක වී තිබෙන්නට ඇත. කතිකාචාරයවරයාගෙ මුවින් නික්මුණේ මෙම පිළිතුරයි.

 

කතිකාචාර්යවරයා:

දෙමළ ජනතාව කියන්නේ අපිට ඉතාම සමීප ජනතාවක්. ඔවුන් නිතරම සිංහලයන් සමග සහයෝගයෙන් වැඩ කලා. ඔවුන්ගේ සංස්කෘතීන් අතර විශාල සමානකම් තියෙනවා. ඒ නිසා උඩරට සිංහල ජනතාවට එහි පදිංචි කරවූ දෙමළ ජනතාව ආගන්තුක ලෙස දැනෙන්නට විදිහක් නැහැ.

 

 

මරු කතා 2

 

එකල ජනතා විමුක්ති පෙරමුණ දෙවැනි වරටත් කැරැල්ල පරාජය වී ප්‍රජාතන්ත්‍රවාදයට අවතීර්ණ වෙමින් තිබු යුගයයි. ඒ සඳහා ඔවුන්ට ප්‍රබල අභියෝගයක් වූයේ ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වයෙන් පිරි ඉතිහාසයයි. ජනතා විමුක්ති පෙරමුණ සාකච්ඡාවකට හෝ වෙනයම්ම තැනක සිය අදහස් ප්‍රකශ කරන විට ප්‍රතිවිරුද්ධ කණඩායමට ජ. වි. පෙ. හි මෙම ඉතිහාසය ඉතා හොඳ අවියක් විය.මෙම සාකච්චාව මෙහෙයවූයේ අශෝක සෙරසිංහය. එයට ජ. වි.පෙ. න් සහභාගි වූයේ ප්‍රචාරක ලේකම් විමල් වීරවංශය. ප්‍රතිවිරුද්ධ පිලෙන් සහභාගී වූයේ කවරෙක්දැයි මතක නැත. නමුත් ඔහු පොදු පෙරමුණේ යමෙක් බවනම් මතකයෙ කොනක ඇත.

පොදු පෙරමුණේ කතිකයා මෙසේ පැවසීය.

“ජ. වි. පෙ. මිනී මැරුවා. පුලුවන්නම් නැහැයි කියන්න.”

 

විමල් වීරවංශට ඒ වන විට එම ප්‍රශ්නය  අලුත් දෙයක් නොවීය. ඔහුගේ පැහැදිලි කිරීම පටන් ගන්නේ ඔවුන්ව ප්‍රචණ්ඩත්වය වෙත යොමු වූ හේතු සමගය. ඒ සඳහා ඔහු බොහෝ කාලයක් ගනී. එම පැහැදිලි කිරීම අතරෙදි පෙර රජයනට සහ පැවතුන රජයට පහර පිට පහර වදී. දැඩි පොදු පෙරමුණු හිතවාදියකු සහ උග්‍ර ජ. වි. පෙ. විරෝධියකු වූ අශෝකට මෙය රිස්සුවේ නැත. තමා එම සාකච්චාව මෙහෙයවන්නා බව ඔහුට අමතක වී මෙසේ කියයි.

 

“ප්‍රශ්නය පැහැදිලියි. ප්‍රශ්නේ මෙකයි. ජේ. වී. පී. එක මිනී මැරුවද නැද්ද?”

 

විමල්ට එයට “ඔවු” හෝ “නැහැ” යන කෙටි පිළිතුරු සැපයිය හැකි ප්‍රශ්නයක් නොවේ. අනිත් අතට අශෝක කවරෙක්දැයි සහ ඔහු එන්නෙ මොකාටදැයි අවබෝධ කර ගන්නට ඔහුට අපහසුවක් නොවීය. ඔහුගේ ක්ෂනික පිළිතුර වූයේ

 

“ඔබතුමා හරිම අසාධාරණයිනේ. ඇයි ඔබ තුමා ඔය ප්‍රශ්නය පොදු පෙරමුණෙන් අහන්නේ නැත්තේ. ඇයි ඔය ප්‍රශ්නය යූ. එන්. පි. එකෙන් අහන්නේ නැත්තේ. ඇයි ඔය ප්‍රශ්නේ අපෙන් විතරක් අහන්නේ?”

 

අශෝක එයින් පසු එම ප්‍රශ්නය නැගුවේ නැත.

 

 

මරු කතා 3

 

මෙය පාඨලී චම්පික රණවක කියූ කතාවකි. මෙය රනිල්ගේ සටන් විරාම යුගයයි. එකල කොටින්ගේ අවසරය ඇතිනම් යාපනේ ගිය හැක. කල යුතුව තිබුණේ කොටින්ගේ බල ප්‍රදේශයට ඇතුළු වීමේදී “වීසා” ගැනීමය. මේ දිනවල ජනතාව පමණැක් නොව බොහෝ දේශපාලනඥයෝද කොටින්ගෙන් වීසා ගෙන යාපනේ ගියහ. යම් යූ. එන්. පී. මන්ත්‍රී කෙනෙක් (කවුදැයි කියා මතක නැත) චම්පිකට අභියෝගයක් කලේය.

 

 

“වීරයෙක්නම් යාපනේ ගිහින් පෙන්නන්න.”

 

චම්පිකගේ පිළිතුර වූයේ.

 

“යාපනේ යනවා තමයි. හැබයි ඒ යන්නේ කොටින්ගෙන් වීසා අරගෙන නෙමෙයි. කවදා හරි උතුර අපෙ වීරෝධාර සෙබළු මුදාගත්ත දවසටයි.”

 

එදා ඔහු කල එම ප්‍රකාශය යථාර්තයක් බවට පත්වීම කොතරම් මරුද?

 

මරු කතා 4

 

එක් වරක් චන්ද්‍රිකා සමයේදී පාර්ලිමේන්තු මංතීවරුන්ගේ වැටුප් වැඩි කිරීමට යෝජනා විය. ඒ සඳහා මංතීවරු තමුන්ට ඒවනවිට ලැබුණු  සොච්චම් වැටුප සඳහන් කරමින් එම වැඩි කිරීමේ සාධාරණත්වය කියා පෑහ. මට මතක ආකාරයට එම වැටුප් වැඩි වීමට විරුද්ධ වූ එකම මංත්‍රී වාසුය. ඔහුව යම් රූපවාහිණි නාලිකාවක් මගින් සාකච්ඡාවකට ගෙන්වා මේ පිළිබඳව විමසන ලදි. එහිදී ඔහු පැවසුවේ මංත්‍රීලගේ වැටුප කෙසේ වෙතත් ඔවුන්ට වෙනත් බොහෝමයක් ප්‍රතිලාබ තිබෙන බවයි. එයට උදාහරණ දෙමින් ඔහුට කියවුනේ

 

“මම කරෙකක් ගත්තා පර්මිට් එක පාවිච්චි කරලා. ඒත් ඒක මම දැක්කෙවත් නැහැ. මම හොඳ ගාණකට ඒ කාරෙක වික්කා. එක්කෝ ඔය කතා දැන් මෙතනට ඕනේ නැහැ.”

Posted in Uncategorized | 2 Comments

ජිනීවා යෑම එදා සහ අද

පසුගිය දිනවල දේශද්‍රෝහි දේශප්‍රේමී බේදයකින් තොරව සියළුම ලාංකිකයන් විසින් සිහිකල නගරයකි ජිනීවා. බොහෝ විට ශ්‍රී ලංකාව තුල ලෝකයේ වෙනත් කිසිදු නගරයක නමක් වැඩිපුර වාර ගණනක් කියවුණිනම් ඒ ජිනීවාය. පසු ගිය මාස කිහිපය තුල සමහර විට එය කොළඹ නගරය පරයා අපේ ජනී ජනයා මුවින් සහ සිතින් කියවුණායයි පැවසීම අතිශ්‍යෝක්තියක් නොවේ.

පසු ගිය මානව හිමිකම් සමුළුවේදී මෙරටින් ජිනීවා වෙත පියසැරුවන්ගෙන් බහුතරය එහි ගියේ අපේ රටට එරෙහිව ඊළාම්වාදයට පක්ෂව බව නොදන්නා අයෙක් නොවේ. මානව හිමිකම් කතා හුදෙක් ඒ සඳහා යොදාගත් අවියක් පමණි. මෙහිදී රට වෙනුවෙන් ක්‍රියා කල පිරිස් ඔවුන්ගේ ක්‍රියාව ඉතා දැඩි ලෙස විවේචනය කල අතර ඉතාමත් නිවැරදි ලෙස එවැන්නන් දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසූහ.

නමුත් මෙහිදී සැබෑ දේශද්‍රෝහින් විසින් මහින්ද රාජපක්ෂ 87-89 යුගයේදී ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගි වීමත් දේශද්‍රොහී ක්‍රියාවක් යයි පවසති. ප්‍රශ්නය වන්නේ ජිනීවා ගියේ කවුරුන් උදෙසාද යන්න මිස ජිනීවා යාම නොවේ. මහින්දට ජිනීවා යාමට බල කෙරුනේ එකල මෙරට විදේශ හමුදාවක් ගොඩ බැස සිටි අවධියේ එයට විරුද්ධව වූ දේශප්‍රේමි තරුණයන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණ වෙනුවෙනි.

අද සුනන්ද දේශප්‍රිය වැන්නවුන් ජිනීවා තුල රිලා නැටුම් නටන්නේ රටට එරෙහිවූ කණ්ඩායමක් වෙනුවෙන් රටට එරෙහිවය. මෙදා සුනන්ද දේශප්‍රිය වැන්නවුන්ගේ භූමිකාවත් එදා මහින්දගේ භූමිකාවත් අතර වෙනසක් නොදකින්නේ දේශපාලන අඳබාලයන් විසින් සහ පවිටු දෙශද්‍රෝහින් විසින් පමණකි.

මෙරට දේශප්‍රේමි ජනතාව ප්‍රතික්‍රියා දක්වන්නේ ජිනීවා හි දේශපාලනයට මිස එම නගරයට නොවේ.

 

Posted in Uncategorized | 1 Comment

අපේ රට කුඩාද?

අප ජීවත් වන මේ කුඩා දිවයින ලෝකය ඉදිරියේ කුඩා නැත. මීට වසර දහස් ගණනකට පෙර සිට මෙහි පැමිණි විදේශිකයන් , වෙළඳුන්, ආගමිකයන්, විද්වතුන් කියාපාන්නේ එයයි. අප නිතර දකුණු ඉන්දියාවේ ආක්‍රමණ වලට ලක්වූයේද පසුකාලීනව බටහිර ජතින් තුන් වර්ගයකට යටත් වී සිටීමට සිදුවූයේද එනිසාය. බටහිර ජාතින් මේ භූමිය අත්පත් කරගැනීමට සටන් පවා සිදු කළහ. එය එසේනම් මේ රට අන් අයට එතරම් වැඩක් නැති කිසිවකුගේ අවධානයට ලක්වන්නේ නැති හුදු භූමියක් පමණක්ය යන තර්කය සමහරුන් ගෙන එන්නේ ඇයි? එලෙස තර්ක කරන්නවුන් තුල අප රට ගැන ඇත්තේ නිවැරදි තක්සේරුවක් නොවේ. වෙනත් වචන් වලින් කියන්නේ නම් ඔවුන්ට ඇත්තේ රට ගැන පහත් හැඟීමකි.  නමුත් අපේ පඬියන්ට නැති තක්සේරුවක් අප රට ගැන සුද්දන්ට ඇත. අපේ රටේ තිබෙන නොතිබෙන දේ ගැන අපිට වඩා දන්නේ සුද්දන්ය. උදාහරණයක් ලෙස ගතහොත් ලංකාවේ පවතින දිය ඇළි බොහෝමයක් සොයා ගත්තේ ඔවුන් විසිණි.  හුම්මානය සොයා ගත්තේ සුද්දාය. දැන් මෙරට  තෙල් ඇති බව සොයා ගෙන ඇත. නමුත් වසර ගණනාවකට පෙර සුද්දා එය දැන සිටින්නට ඇත. ඒ සියල්ලට අමතරව ඉන්දියාවේ දේශපාලන අස්ථාවරත්වය උදෙසා ලංකාව යොදා ගත හැකි ආකාරය දන්නේ සුද්දාය. මට මේ කතා කීමට සිදුවූයේ අද බොහෝ පඬියන් මෙරටට විරුද්ධව ඇති විදේශ කුමන්ත්‍රණ කතා  පිළිබඳව දක්වන උදාසීන ආකල්පයි. ඔවුනට අනුව කොටි විසින් සිදු කල යුද්ධය කුමන්ත්‍රණයක් නොවේ. චැනල් 4 යනු කුමන්ත්‍රණ කරුවන් නොවේ. බෑන් කී මූන් මධ්‍යස්ථ මතධාරියෙකි. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් මානව හිමිකම් අකුරටම රකින ඒ අතරම ලෝකයේ අනෙකුත් රටවල මානව හිමිකම් දිවි හිමියෙන් රකින්නට වලි කන රටවල්ය. 

අපිට රට ගැන හැඟීමක් ඇත්නම් කල යුත්තේ මේ මිත්‍යා මත වලින් මිදීමය. අද මෙරට නැංවීමට අවශ්‍ය වන්නේ රට ගැන නිවැරදි තක්සේරුවක් ඇති අය මිස රටෙහි අගය නොදන්නා අය නොවේ. ගෝත්‍රවාදයකට හෝ වෙනත් මොනයම්ම වූ දෙයකට බයේ ඇකිලෙන්නන් නොවේ. කුමන්ත්‍රණ කතා වලින් බිල්ලන් මවතියි විශ්වාස කරන්නවුන් තවමත් අතීතයෙන් පාඩම් ඉගෙන නැත. මේ බිල්ලන් ගැන කතකරන්නවුන් බොහෝ විට කරන්නේ පවතින රජය ඇණ ගන්නා තෙක් ඇඟිලි ගනිමින් ජීවත් වීමයි. ඔවුන්ට තමුන් පළ කළ අශුභවාදී අනාවැකියක් පල දැරීම තරම් සතුටක් නැත. ඒ ඔවුන්ට තමුන්ගේ පාණ්ඩිත්‍ය ගැන අභිමානයක් ඇති වන හෙයිනි. නමුත් රටේ වාසනාවට ඔවුන්ගේ අනාවැකි කිසිදා සැබෑ වී නැත. ඒ අනාවැකි බොහෝවිට හාස්‍යයක් උපද්දවන්නේ බාහු සහෝදරගේ අනාවැකි වලින් උත්පාදනය කරන හාස්‍යට නොදෙවෙනි හාස්‍යයක් ජනතාවට ලබාදෙමිනි. මේ රට නැංවීමට එක දශමයක හෝ චේතනාවක් වේනම් රටට එරෙහිව විය හැකි කුමන්ත්‍රණ පිළිබඳව අප දැනුවත්ව සිටිය යුතුය. ඒ සඳහා තමුන්ගේ දේශපාලන පක්ෂය බලයට එනතුරු කල් මැරිය යුතු නොවේ. එසේ කල් මරන්නවුන්ට බොහෝ විට කල්ප ගණනක් බලා සිටියත් එය සාක්ෂාත් කරගත නොහැකි වනු ඇත.

Posted in Uncategorized | Leave a comment

චන්ද්රිකාගේ හැම ප්රශ්නයකටම මුල

චන්ද්රිකා මෑතකදි සිය මානව හිතවාදී දේශපාලන පඬිත්වය විදහා පාමින් කියා සිටියේ සියලු ප්රශ්න වලට මුල සිංහල රාජ්ය භාෂාව කිරීම කියාය. ඇය විධායක ජනාධිපති පදවිය හොබවන ලද කාලය තුලදි පවා ඇයගේ මුවින් ගිලිහුණු දේශපාලන මත ගැන පිළිගැනීමක් පොදු ජනතාව අතර නොවීය. ඇයගේ මේ කතා පිළිබඳව යමෙක් උනන්දු වූයේනම් ඒ කොටින්ගේ හොරි කහමින් සිටි NGO නඩය ඇතුළු හිවලුන්ය. ඇය කියන පරිදි සිංහල රාජ්ය භාෂාව කිරීම වරදක් නම් ඒ වරද සිදු කිරීමට ඇයගේ පියාට බල කෙරුණු කරුණු කාරණාව කවරේද? අප සැම දන්න පරිදි බණ්ඩාරණායක යනු සංස්කෘතියෙන් සිංහලයෙක් හෝ බෞද්ධයෙක් නොවීය. රටේ රාජ්ය භාෂාව සිංහල කිරීම සඳහා කිසිදු හේතුවක් ඔහුගේ පවුල් පසුබිම විසින් හෝ ඔහුගේ අධ්යාපනයෙන් සපයා තිබුණේ නැත. ඔහුට ඒ සඳහා වූ හේතුව සපයනු ලැබුවේ අති මහත් බහුතර ජනතාවගෙනි. දෙමළ භාෂාවට අද ඉංග්රීසියට තිබෙන තැන දුන් ජනතාවක් සිංහල රාජ්ය භාෂාව බවට පත් කිරීමට මෙහෙයවූ ප්රමුඛම සාධකය දෙමළ ජාතිවාදයයි. ඉංග්රීසින් විසින් දෙමළ ජනතාව සඳහා වරදාන දෙන විට ඒ වරදාන වලට ඇති කෑදර කමට සහ හුදු දේශපාලන බල ලෝබය උදෙසාම සිංහලයන්ව දෙවෙනි පුරවැසියන් බවට පත් කිරීමේ නීච ක්රියාවලිය තුල සිංහලයන්ට තමුන්ගේ භාෂාව ඉහළ නැංවීමේ අභිප්රායක් ඇතිවීම අරුමයක් නොවේ. එය තෙරුම් ගැනිමේ කපටි ඉව බණ්ඩාරනායක සතු විය. සිංහල රාජ්ය භාෂාව වූයේ එවන් වට පිටාවක් තුලය. එසේනම් චන්ද්රිකා විසින් දොඩවන්නේ බහුභූතයක් මිස අන් කවරක්ද? සිංහල රාජ්ය භාෂාව කිරීම එකල කල යුතුම වූ ඓතිහාසික කටයුත්තක් බවට පත්වූයේ එකල දෙමළ දේශපාලනඥයන් විසින් සිදු කල ජාතිවාදි දේශපාලනය බව රහසක් නොවේ. සුද්දන් අපේ රට යටත් කර නොගත්තේනම් සහ දෙමළ දේශපාලනඥයන් සිය ජනතාව ජාතිවාදි මාවතේ දක්කා ගෙන නොගියේනම් මෙරට ප්රධාන භාෂාව බවට දෙමළ බවට පත්වීමට තිබූ ඉඩ කඩ වැඩිය. මා කලින් සඳහන් කලාක් මෙන් මෙරට ප්රභූ පැළන්තිය දෙමළ භාෂාව සිංහල භාෂාවට වඩා උඩින් තබා තිබූ සමාජයක සමහරවිට සිංහල යටවී ගොස් දෙමළ භාෂාව එකම භාෂාව වීමේ ඉඩ කඩක්ද පැවතුණි. එය සනාත වන්නේ සුද්දන් අප යටත් කර ගැනීමට පෙර මෙරට ප්රභූන් දෙමළ භාෂාව භාවිතා කරන්නට දැක්වූ උනන්දුව සලකා බලද්දීය. ජාතිය පාවාදුන් උඩරට ගිවිසුම බොහෝමයක් වූ සිංහල නායකයන් විසින් අත්සන් කරන්නට යෙදුනේ දෙමළෙනි.
චන්ද්රි්කාගේ මේ කියන ප්රනශ්න වල මුල ඇති කලේත් පෝෂණය කලෙත් දන්නා කාලේ පටන් සුද්දාගේ වසුරු ගිල දැමූ දෙමළ දේශපාලනඥයෝ මිස සිංහලයන් නොවේ. චන්ද්රිසකාට මේ ප්රනශ්නවල මුල ගැන නිවැරදි දැනුමක් තිබුණේනම් ඇය විසින් විනාශ කල අවුරුදු 11ක් වූ කාලය ඉතා වැඩ දායක වීමට ඉඩ තිබුණු බව සඳහන් කිරීමට සිදුවන්නේ ඉමහත් සංවේගයෙනි.

Posted in Uncategorized | Tagged , | Leave a comment

ගෝත්රවාදය අකැපද?

ජාතිවාදය යනු කුමක්දැයි කුඩා කල සිටම අසා තිබුණු වචනයකි. එහි තේරුම කුමක්දැයි අසන්නට දිව නොනැමෙන්නේ එබැවිණි. නමුත් මෑතකදි අලුත් වචනයක් දේශපාලන ශබ්දකෝෂයට එකතු වී තිබේ. ඒ ගෝත්රවාදයයි. එය ජාතිවාදය වෙනුවට යොදන වෙනත් යෙදුමක්ද? එසේත් නැතිනම් ජාතිවාදයේම වර්ධනීය අවස්ථාවක් පෙන්වන වචනයක්ද? මේ සියළු ප්රශ්න මා හිසෙහි භ්රමණය වන්නට පටන් ගත්තේ යම් බ්ලොග් අඩ්වවිවල පළ වී තිබූ ලිපි සහ ප්රතිචාර කියවීමේදීය. එහෙන් මෙහෙන් බ්ලොග් අඩවි වෙත පිය නගන්නෙක් වන මට දැන් එම වෙබ් අඩවි වලට ලින්ක් එකක් සැපයීමට තරම් මතකයක් හෝ ඒවා සොයා ගැනීමට තරම් විවේක බුද්ධියක් නැත. වසරකට පමණ පෙර මා ගොඩවැදුණු එක් බ්ලොග් අඩවියක සඳහන් වී තිබුණේ තමුන්ගේ පාසල පිළිබඳව අභිමානයෙන් යුතුව සිතීම පවා ගෝත්රවාදයක් බවයි. එය නිවැරදිනම් අපට රට, ජාතිය, ආගම, ගම, පවුල ආදි කී නොකී සියල්ල පිළිබඳව අභිමානයෙන් සිතීම නම් ගෝත්රවාදයකි. එය එසේනම් ගෝත්රවාදය පිටු දැකිය යුතුද? එසේත් නැතිනම් අප චරිත තුල ගොඩ නගා ගත යුතු දෙයක්ද?
තවත් බ්ලොග් අඩවියක පළවූ ලිපියක් සඳහන් කර තිබුණේ ජේ. ආර්. ජයවර්ධන යනු අපේ රට ගෝත්රවාදයෙන් මුදා ගැනිමට ක්රියා කල ශ්රේෂ්ඨයකු ලෙසය. එය එසේනම් 83නේ කළු ජුලිය නිර්මාණය කිරීම, යාපනය පුස්තකාලය ගිනි තැබීම, 87 ඉන්දු ලංකා ගිවිසුම හරහා දෙමළ නිජ භූමියක් පිළි ගැනීම වැනි දේ අයත් විය යුත්තේ ගෝත්රවාදයට එරෙහි වීමක් හැටියටය.
පවතින රජය ගෝත්රවාදී යයි කියන්නේ සිංහල පොඩි දරුවන් පවා කුරිරු ලෙස ඝාතනය කල කොටි පරාජය කල නිසාද?
මේ සියළු විසංවාදී කතාවලින් ගෝත්රවාදය යනු කුමක්දැයි වටහා ගැනිම එතරම් ලෙහෙසි නැත. සුද්දාගේ මුඛයෙන් (අධෝ?) පිටවෙන ඕනෑම වචනයක් සිංහලට හරවා එය පට්ටා ගැසීම අපේ පඬියන්ගේ සිරිතකි. එනිසාම මේ අලුතින් එකතු වූ වචනයද සුද්දාගෙන්ම බිහිවූ යමකැයි සිතන්නට තිබෙන අවකාශ වැඩිය. ගෝත්රවාදය යනු කුමක්දැයි නිවැරදිව නිර්වචනය කල හැකි අයෙක් වෙතොත් කෘතඥ වෙමි.

Posted in Uncategorized | Tagged | 3 Comments

මාතුපාලගේ දූෂණ විරෝධය

මේ මගේ ජීවිත කතාව තුල ලියූ දෙවෙනි කෙටි කතාවයි. මේ කතාව ලිවීම සඳහා මා පෙළඹවූයේ සමාජයේ (බ්ලොග් අවකශයද ඇතුළුව ) මා විසින් දකින ලද සමහර දූෂණ වංචා විරෝධීන්ගේ ව්යායජත්වයයි. මොවුන් බොහෝ විට අන් අයගේ දූෂණ පිළිකෙව් කළත් තමුන් විසින් සිදු කරන දූෂණ , දූෂණ නොවේ යයි සිතන්නවුන්ය. ඒ ඔවුන් විසින් සිදු කරනු ලබන දූෂණ සාපේක්ෂකව කුඩා යයි අදහන නිසාය.

මාතුපාලගේ හඬ කාර්යාලය පුරා රැව් දේ. කෑම පැය අවසන්ව ගොස් විනාඩි පහළවක් පමණ ගෙවී ගොස් ඇතත් ඔහුට වෙලාව පිළිබඳව හැඟිමක් නැතුවා සේය. ඔහු කාටදෝ මහා හඬින් බැණ වදියි. ඒ කාටදැයි දැනගැනීමට මල්කාන්තිට අවැසි මුත් ඇයගේ මේසය මත ගොඩ ගැසී ඇති වැඩ කන්දරාව දකින විට එම ආසාව ඉබේම අතුරුදන් වෙයි. එහෙත් මාතුපාලගේ හඬ ඇයට සිය වැඩ කටයුතු එක් සමාධියක පිහිටා ඉටු කිරීමට ඉඩ නොදෙයි.
“ඔය ඇමතියා මාර හොරා. ඕකා නිතරම රට ඉන්නේ. ඒ මදිවට ඌ හැම වැඩකින්ම කොමිස් ගහනවා. ඒ විතරක්ද ඌට රටේ ගෑනූ කීයක්ද? යන යන තැන ගෑනු ”
ඔහු රටේ එක් ප්රධාන ඇමතියකුට බැන වදින්නේ ඉහ වහා ගිය කෝපයෙනි. මහජන සේවයට ජනතා ඡන්දයෙන් පත්වූවෙකුගේ එවන් ක්රියා පිළිබඳව මාතුපාලගේ කේන්තිය සාධාරණය යයි මල්කාන්තිට සිතේ.
“ඌ ටී. සී. එකට ගෙයක ප්ලෑන් එකක් අනුමත කරන්න දාලා තියෙනවා. ඒක හැදුවම කෝටි ගාණක් වෙනවා” මාතුපාලගෙ හඬ තව දුරටත් ගලා යයි.
“ඉතින් තාම හදලා නෑ නේද?” ඒ විමල්ගේ ප්රතිචාරයයි.
මේ ගෙවල් සැදීම හා බැඳුණු කතාවත් සමගම මල්කාන්තිගේ සිත අතීතයට සක්මන් කලේ ඇයගේ සිත තවදුරටත් මාතුපාලගේ කතා කෙරෙහි වූ අවධානය බිඳ දමමිනි. මීට වසර කිහිපයකට පෙර ඇයගේ වැඩිමල් සොහොයුරියගෙ සැමියා වූ සිරිසෝම අයියා නිවසක් තනන්න්ට ගොස් අසා ගත් කතා මතක් වී ඇගේ නෙත් කෙවෙණි තෙත් විය. වෘතියෙන් ග්රාම නිලධාරියකු වූ සිරිසෝම අයියා තමුන්ගේ පාඩුවේ රැකියාව කරමින් තමුන්ගේ පවුල සරි කල අයෙකි. ඔහු කෙදිනකවත් තම නිලයේ නාමයෙන් අන් ග්රාම නිලධාරින් මෙන් අයුතු ලෙස ධනය උපයා නැත. එසේ වුවත් ඔහු නිවසක් තැනීමට පටන් ගත් අවධියේ ඔහුට එරෙහිව ගම්මුන්ගෙන් නැගුණු මඩ ප්රහාර ඉතා නින්දිත විය. එකල ගම්මුන්ගේ කතා අද මාතුපාල කියන කතා වලට බොහෝ සේ සමානකම් දැක්වීය. සිරිසෝම අයියාගේ නිවස සැදීමට මුදල් සපයා ගත්තේ නිවාස ණයක් ගැනීමෙන් සහ එකල තනිකඩයකු වූ ඔහුගේ ජපානයේ සේවය කල බාල සොහොයුරාගෙනි. ඊට අමතරව බාස් කුලිය ගෙවීම සඳහා මුදල් ප්රධමාණවත් නොවූ අවස්ථාවලදි සිය සොහොයුරියගේ පමණක් නොව තමුන්ගේද කණකර සාහිබ් මුදලාලි ලඟ උගස් තැබුණු හැටි ඇයට සිහිපත් වේ. එකල ගම්මුන් විසින් සිරිසෝම අයියාට පමණක් නොව තමුන්ගෙ සොයුරියට, තම පවුලට සහ තමුන්ට පරිභව කල ආකාරය සිහිපත් කලේ සිත තුල නැගුණු ඉකි බිඳුමක්ද සමගිනි. ගම්මුන් ඒ සියළු කතා මුදාහැරියේ ඊර්ෂ්යාදව මූලික කරගත් චේතනාවකින් බව මල්කාන්තී දනී. එහෙත් ඒ කාලය තුල අසන්නට වුනු කතන්දර සහ මිනිසුන්ගේ ඔලොක්කු කතාවලට මල්කාන්තිට මුහුණ දීමට සිදුවූයේ එවැනි දේ දරා ගත හැකි වයසකදී නොවේ. යම් දිනවල ගමේ සිල්ලර කඩය ඉදිරිපිටින් ගම කරන්විට එහි සිටින කාපාලුවන් බ්යිට් එකට ගත්තේ තමාවය. සමහර දිනවල ඇය ගෙදර ගොස් හඬනු ලබන්නේ ඇයගෙ අසරණ කමට සාප කරමිනි. ඒ අමිහිරි කාල පරිච්ඡෙදය නිමවීම ගැන ඇයට ඇත්තේ පහන් හැඟීමකි.

“හෙක් හෙක් හෙක් හේ ”

මාතුපාලගේ අමිහිරි සිනාවෙන් මල්කාන්ති නැවත පියවි සිහියට පැමිණියාය.

මාතුපාල තවත් විනාඩි කිහිපයක් අල්ලාප සල්ලපයේ යෙදීමෙන් අනතුරුව තමුන්ගේ මේසයට ඇවිද ආවේ ඕනෑවට එපාවටය. රටේ ප්රශ්න ගැන හිතා හෙම්බත් වූ ඔහුට ඔහුගේ මේසය මතවූ ලිපි ගොනු පෙනුනේ දූෂණයට වංචාවට එරෙහිව ඔහු නගන හඬට බාධකයක් ලෙසය. ඔහු නොරිස්සුම් බැල්මකින් යුතුව උඩින්ම තිබූ ලිපි ගොනුව විවර කලේ මෙසේ කියා ගෙනය.

“මේ නවීන කාලේත් අපි තාම වැඩ කරන්නේ කොම්පියුටර් එකෙන් නෙමේ. කොම්පියුටර් එකක් තිබුණනම් අපිට මීට වඩා කාර්යක්ෂමතාවයකින් වැඩ කරන්න තිබුණා.”

සෙසු සගයන්ද එය අනුමත කරමින් හිස සැලූහ. මාතුපාල හිත යටින් සිතුවේ කොම්පියුටර් එකක් කාර්යාලයේ තිබුණි නම් අන්තර්ජාලය කාර්යාලයේදී පාවිච්චි කර තමුන්ගේ නිවසේ තිබෙන කොම්පියුටර් එකේ අන්තර්ජාල සීමාව රැකගත හැකිව තිබුණු බවයි. මාතුපාල මේ ආණ්ඩුවට විරුද්ධය. ඔහු වෘතීය සමිතියක සාමාජිකයෙක් වන අතර මෙම කාර්යාලයේ කම්කරු නායකයෙක්ද වෙයි. මාතුපාල විසින් මෙම කාර්යාලය පුරා තම අණසක පතුරුවාගෙන සිටින්නේ තමුන්ගෙ වෘතීය සමිතියේ බල මහිමය නිසාය. ඔහුව තරහා කර ගැනීම අනවශ්ය කරදරවල පැටලීමක් යයි සිතූ මාතුපාල සේවය කල සමාගමේ පාලකයෝ ඔහු හා යාප්පුවෙන් වැඩ කිරීමට කැමැත්තක් දැක්වූහ. මේ තත්වය නිසා මාතුපාල යම් උඩඟු බවක් හිස දරා සිටියේයයි කීවොත් නිවැරදිය. මාතුපාල දැන් ලිපිගොනුවක වැඩය. මුළු කාර්යාලයම මීයට පිම්බාක් මෙන් නිහඬය. ඔහු දෙවෙනි ලිපි ගොනුවට යාමට පෙර නැවතත් හඬ අවදි කලේය. “ඔය ඇමතිවරු මන්ත්රීවරු හොරම්කරපුවා ගොඩ ගැහුවොත් මේ වගේ කොම්පැනි ලක්ෂයක් පටන් ගන්න පුළුවන්. මේ කොම්පැනි කාරයෝ ලාබ පිට ලාබ ලබනවා ඒත් අපිට හුලං”. මාතුපාලට මදක් ඈතින් වාඩිවී සිටි ගිණුම් ලිපිකරු අමරසේකර මහතා ඒ වනවිට සිය සමාගම බැංකුවෙන් ලබා ගත් ණය මුදල වෙනුවෙන් මේ මාසය සඳහා ගෙවිය යුතු වාරිකය පමා කර ගෙවීමට ඉල්ලීමක් කරමින් ලිපියක් සකස් කරමින් සිටියි. මාතුපාලගේ ඉහත ප්රකාශයත් සමගම අමරසේකරගේ මුවඟට නැගුණේ සාවඥ සිනාවකි. අමරසේකර කාර්යාලය තුල සිටින නිහඬම පුද්ගලයාය. ඔහූ මුවින් යමක් පිට කරන්නේ එසේ කිරීම අත්යාෙවශ්යලයයි හැඟුණොත් පමණි. මාතුපාලට දැඩි තේ තිබහක් දැනෙන්නට වුයේන් එළියට බැස සමාගම ඉදිරියේ ඇති තේ කඩයට ගොඩ වී තේ එකක් තොල ගාන්නට පටන් ගනී. ඒ ගමන්ම කඩයේ තිබූ පුවත්පත් බලන්නට විනාඩි කිහිපයක් ගත කල මාතුපාල නැවතත් තම මේසය වෙත ඇදුනේ ඇද වී ගිය මුහුණෙනි. ඔහු දිවා අහරින් පසු දෙවෙනි ලිපි ගොනුව අතට ගත්තේය. මද වෙලාවකින් ඔහුට මතක් වූයේ ඔහුගේ පුතා පෑනක් ඉල්ලු බවය. වහාම අමතකවීමට පෙර ලිපි ද්ර්ව්ය තිබෙන කාමරයට ගිය හෙතෙම පෑන් කිහිපයක් , මකන් කෑලි කිහිපයක් සමග හාෆ් ෂීට් කොල 100ක් පමණ ගත්තේය. පසුව සිය බෑගයට ඒ සියල්ල රුවා ගත්තේ මහත් තෘප්තියකිනි. මාතුපාල නැවත පැමිණ සිය කාර්යය නිමවූ තැන සිට හිමින් හිමින් නිම කරමින් සිටියේ වෙනත් සොඳුරු හැඟිමකින්ද සිත උත්තේජනය වෙමින් පවතිද්දීය. ඔහුට සුනීතා පිළිබඳව මතකයට නැගුණි. අද සවස ඇය අවන්හලකදී හමුවීමට නියමිතය. ඔහුගේ හදිසි නිස්ශබ්දතාවය නිසා ඒ කුමක් නිසාදැයි විපරම් කළ මල්කාන්ති දුටුවේ ඔහුගේ මුව හරහා ඇඳී ගොස් තිබූ සිහින් සිනා රේඛාවක්ය. ඒ දුටු මල්කාන්තිටද මද සිනාවක් පහළ විය. සවස හතර පමණ වන විට මාතුපාල ලක ලෑස්ති වෙමිනි සිටියේ මෙතෙක් කරමින් සිටි වැඩවලට සමු දීමටය. සුවන්කා අවන්හල වෙත හැකි ඉක්මණින් පිය නැගීම ඔහුගේ අභිප්රාිය විය. මාතුපාල සුවන්කා අවන්හල වෙත යනවිට සුනීතා ඒ වනවිටත් පැමිණ සිටියාය. ඇය සිටි මේසය වෙත මාතුපාල ගමන් කලේ “මම පරක්කුදැයි” අසමිනි. සුනීතා ඔහුගේ උරෙහි එල්ලි තොඳොල් වෙමින් සිටියාය. මේ අතරේ ඈත කොනක සිටින්නෙකු තමා දෙස සිනාසෙමින් බලා සිටිනු පෙණුනෙන් මාතුපාල සුනීතාගෙන් ඈත්වී බැලූවිට ඔහුගේ ඉහ මොළ රත්වන්නට වූයේ ඒ තම කාර්යාලයේ පියන් වන සරත් බව හඳුනා ගැනීමෙනි. තමුන්ව දුටු සැනින් සරත් තමා වෙත පිය නගනු ඔහු බලා සිටියේ නොරිස්සුම මුසු බැල්මකිනි. “මූත් නැති තැනක් නැහැ. හරියට කාක්කෙක් වගේ” මාතුපාල සිතින් සිතුවේය.
“කොහොමද සර්. අද වේලාසනින් ගෙදර යනවද?” සරත් සිය ප්ර්ශ්නය යොමු කරමින් සුනීතා දෙස හොඳින් බැලුවේ ඇයව සිය මතකයෙහි රඳවා ගැනීමටය. සරත් සේවා ආයතනයේ කටයුතු සඳහා දින කිහිපයක් මාතුපාලගේ නිවසට පැමිණ තිබේ. ඒ සෑම අවස්ථාවකම සරත්ට තේ කෝප්පයකින් සංග්රහ කිරීමට මාතුපාලගෙ බිරිය අමතක නොකලාය. දැන් සුනීතා කවරෙක්දැයි සරත්ට පැහැදිලිය. ඔහුගේ මුවඟට නැගුණේ සෝපහාසය මුසුවූ ජයග්රාදහී සිනාවක්යැයි මාතුපාලට සිතේ. මාතුපාලගේ සියල්ල කඩා වැටෙන්නාක් මෙන් ඔහුට දැනෙන්නට විය.
“ඔව්. සරත් කොහෙද මෙහෙ”
මාතුපාල සරත්ගෙන් ඇසුවේ මිත්රශීලිව නොවේ.
“මමත් මේ පොඩි වැඩකට යාලුවෙක් හම්බුවෙන්න ආපු ගමන්” සරත්ගේ පිළිතුර මාතුපාලට එතරම් වැදගත් නැත.
“මම එන්නම් සර්. හෙට ඔෆීස් එකේදී හම්බවෙමු”
“හොඳයි සරත්” මාතුපාලට කියවුනේය.

මාතුපාලගේ හිසෙහි බර ගතියක් දැනෙන්නට විය. සුනීතා හා සමාගම තව දුරටත් ප්රීතියක් ගෙන දෙන්නේ නැත. ඉක්මනින් බීම දෙකක් ගෙන්නා ගෙන අඩියට දෙකට එය බිවූ මාතුපාල හා සුනීතා සුවන්කා අවන්හලින් පිටවූයේ එල්ලා ගත් මුහුණිනි.

සරත් හෙට කාර්යාලයේදී කුමන ප්රතිචාරයක් දක්වාවිදැයි විශ්වාස නැත. සරත් කාර්යාලයේ සගයන්ට මේ පිළිබඳව කියාවිද? මගේ ප්රතිරූපය සුණු විසුණු වේවිද? වැනි ප්රශ්න ගණනාවක් සමග මාතුපාල සිය නිවසට ගොඩවැදී හිස කැක්කුමක් යයි පවසා වේලාසනින්ම නිද්දට ගියේය.

පසුදින මාතුපාල කාර්යාලයට පැමිණියේ එල්ලා ගත් මුහුණිනි. මල්කාන්ති මාතුපාලගේ මුහුණෙහි වූ වෙනස හැඳින්නේය. එහෙත් ඒ පිළිබඳව විමසීමට මලකාන්ති ඉක්මන් නොවූවාය. මාතුපාල සුපුරුදු කුසීත කමින් සිය වැඩ කටයුතු ඇරඹුවේය. නමුත් වෙනදා මෙන් දූෂණ විරෝධි කතා නැත. ඒ වෙනුවට මාතුපාල ඉතා ගැඹුරු කල්පනාවක ගිලී සිටියේය. සරත් තමුන් දෙස බලා ඔලොක්කුවට මෙන් සිනාසුණි. මාතුපාල දැන් ඉන්නේ කෙමෙන් රත් වන ලිපක් උඩය. දිවා ආහාර කාලය මාතුපාල සිටිද්දිත් ගෙවී ගියේ නිහඬවය. අනිකුත් සගයන් ඔහුගේ වෙනස දුටුවත් එය නොදැක්කා සේ සිටියේ එය ඔහුගේ පෞද්ගලික ප්රශ්නයක් විය යුතු යයි අවබෝධ කරගෙන සිටි නිසාය. සවස තුන පමණ වනවිට සරත් මාතුපාලගේ මේසය වෙතට පැමිණියේ “කොහොමද සර්” කියාගෙනය. “හොඳයි සරත්” මාතුපාලගේ අප්රාණික වදන් එළි බැස්සේය. “සර් මට රුපියල් පන්සීයක් ගන්න පුළුවන්ද? පොඩි හදිසියක්” සරත් බ්ලැක්මේල් කිරීම අරඹා ඇත. මාතුපාල ඉතාම අසරණය. ඔහුගේ වෙවුලන අත මුදල් පසුම්බිය වෙත ගියේ ඔහුටත් නොදැනීමය. රුපියල් පන්සීය දුන් මාතුපාල සරත් දෙස බැලුවේ බෙරිවූ මුහුණිනි. “මම සර් අරක කාටවත් කියන්නේ නැහැ” මුදල් අතට ලැබුණු විගස සරත්ගේ මුවින් රහසින් මෙන් පිටවිය.
ඉන් අනතුරුව සරත්ට පොඩි හදිසි නිතර නිතර සිදුවන්නට වූයේන් මාතුපාලගේ පසුම්බිය හිඳී ගියේ සමහර දිනවලට බස් ගාස්තුව පමණක් ඉතිරි කරමිනි.
මාතුපාල මෙයින් මිදෙන මගක් කල්පනා කරමින් සිටිනතුර කදිම අදහසක් පහළ විය. ඒ අන් කිසිවක් නොව සමාගමේ වියදමින් සරත්ගේ කප්පම ගෙවීමය. මේ සඳහා ඔහු භාවිතා කලේ අපූරු උපක්රමයකි. සරත්ට පොඩි හදිසි එන සෑම අවස්ථාවකම ඔහු ව කුමක් හෝ බොරු වැඩකට එළියට යවා ගමන් ගාස්තුව සඳහා අයි. ඕ. යූ. එකක් සකසා දීමෙනි. දැන් ඔහුට ආර්ථික ප්රශ්නය විසඳා ගෙන අවසානය. නමුත් කලින් රුපියල් පන්සීය ඉල්ලු සරත් දැන් පොඩි හදිසි සඳහා ඊට වඩා වැඩි ගණන් ඉල්ලයි. මාතුපාලට අයි. ඕ. යූ. තව දුරටත් කර ගත නොහැකි සෙයකි. දැන් මාතුපාල සිය සමාගම සඳහා ගෙන්වන බඩුවලින් කොමිස් ගහන්නට පටන් ගත්තේය. ඒ සමගම සමාගමේ බඩු අවතක්සේරු කොට විකුණා දමා ඉන් ද විශාල ලෙස ලාබ ඉපයීය. නමුත් ඒ උපයන ලාබයේ ප්රමුඛ හිමිකරු වූයේ සරත්ය. සරත් දැන් කලින්ට වඩා පිළිවෙලට අඳියි. ඒ මදිවාට යතුරු පැදියක්ද මිලදී ගෙන ඇත. මෙතෙක් කල් දූෂණයට විරුද්ධව හඬ නැගූ මාතුපාල, සමාගම තුල දූෂණ වංචා රජෙක් බවට පත්වී ඇත.
දැන් අලුත් ප්රවණතාවක් සමාගම තුල වර්ධනය වී ඇත. මෙතෙක් කලක් තොර තෝංචියක් නැතුව කතාකල මාතුපාල නිහඬ වීමත් , නිහඬව සිටි අමරසේකර කතා කරන්නට පටන් ගැනීමත්ය.

අමරසේකරට නිතර කියවෙන්නේ මෙවැන්නකි.

“මං දන්නේ නැහැ මේ කොම්පැණියට මොනවා වෙයිද කියලා. මම හරියට බිසී. මට එපාවෙලා තියෙන්නේ ණය ගෙවන්න බැංකු වලට කල් ඉල්ලලා ලියුම් ලියලම”

Posted in Uncategorized | 4 Comments

සැබෑ ළමා විරුවන්

12/10/2011 දින පලවූ දිවයින පුවතපත වාර්තා කල අන්දමට කුඩා දැරියක් තනි අලියකුව එලවා දමා මිනිස් ජීවිතයක් බේරාගෙන තිබේ. මීට වසර කිහිපයකට පෙර දිය පහරක ගසා ගිය ජීවිත හතරක් බේරාගත් තවත් ළමා වීරයෙක් ගැනද අපට අසන්නට ලැබිණි. එම විරුවාට කොළඹ ආනන්ද විද්යාලයේ ඉගෙන ගැනීමට ඉඩ ප්රස්තා විවර කල බව පසුව අසන්නට ලැබිණි. මේ සටහන මේ වන් සැබෑ ළමා විරුවන්ට උපහාර පිණිසය. එය එසේ සිදු කිරීම අත්යවශ්යව ඇත්තේ කොටි හිතවාදි වැඩිහිටියන් විසින් මෙහෙයවනු ලැබූ ෂේගු රඝවාන් වැනි අයගේ පුහු ක්රියා වීර ක්රියා ලෙස හුවා දක්වන නිවටයන්ට සැබෑ වීර ක්රියා යනු කුමක්දැයි වටහා දීමටය. කොටින්ගේ හොරි කැසූ, කොටින්ට කඩේ යාම වීර ක්රියාවක් සේ සලකන බොහෝ අයට මෙවන් විරුවන් නොපෙනීම අරුමයක් නම් නොවේ. එසේම තමුන්ගේ පක්ෂය බලයේ නොපවතින කල හා බලයට මේ කපේදි පත්වෙතියි හීනෙන් හෝ සිතිය නොහැකි වටපිටාවක ඔවුන්ට විරුවන් ලෙස පෙනෙන්නේ නීච ලෙස අවස්ථාවාදී දේශපාලනයේ ගොදුරක්වූ ෂේගු රඝවාන්ලාය. ඔවුන්ට සැබෑ ළමා විරුවන් පිළිබඳව ඇත්තේ ඇල්මැරුණු සිතුවිලිය. එවන් ළමා විරුවෙක් ගැන සටහනක් තැබීමට ඉහත සඳහන් කල බොහේ අයට සිදුවන්නේ එම ළමා විරුවා හරහා රජයට යම් පහර දීමක් කල හැකිනම් පමණි. ඉහත සඳහන් කල සැබෑ ළමා විරුවන් දේශපාලන මතවාදයක් දැරූවන් විසින් මෙහෙය වුවන් නොවේ. ඔවුන්ගේ වීරත්වය ජනිත වූයේ සිය සිත තුලින්මය. එවන් විරු දරුවන් රටට අශීර්වාදයකි. සම්පතකි. ඔවුන්ට රටේ ජනතා අචාරය නොමදව හිමිවිය යුතුය.

නැවතත් මේ සැබෑ ළමා විරුවන්ට අපගේ උපහාරය.

Posted in Uncategorized | 1 Comment