ෂේගු මල්ලියේ උඹ හරිද?

ඇට මැස්සාගේ අඩවියේ පළවූ ෂේගු රඝවාන් නමැති සිසුවා වෙනුවෙන් ලියවුනු කවි පංතියක් දැක මේ කව පැඹඳීමට සිත් විය. එම කව ලියා තිබෙන්නේ ෂේගු රඝවාන් ඉතා ඉහළ ක්රියයාවක් කල අයකු ලෙස හැඟෙන පරිදිය. නමුත් මටනම් හිතෙන්නේ ඔහුව හිටපු ගුරුවරයෙක්වූ බන්ධුල ගුනවර්ධණට වැඳීම වලක්වනු ලැබුවේ ළදරු වියේදිම දේශපාලන විෂ පොවන්නට ක්රි යාකල යම් වැඩිහිටියකු විසින් බවයි. බන්ධුල ගුණවර්ධන සිටි තැන ප්රෙභාකරන්, පොට්ටු අම්මාන් හෝ තමිල් සෙල්වම් වැන්නකු සිටියේනම් ෂේගු රඝවාන්ව ඔය ආකාරයටම ඔහුගේ වැඩිහිටියන් විසින් හසුරුවාවිද?

නුඹට දෙස් පාලනය නොමසුරුව ඉගැන්වූ
ගෙවී ගිය දෙවසරට අතීතය අමතකවූ
නුඹේ වැඩිහිටියන්ට මතක් කල යුතුම වූ
බොහෝ දේ අපට ඇත නොවලහා කිව යුතුවූ

වෙඩි හඬින් නොතොර වූ ඒ අඳුරු කාලේ
නුඹේ අයියලා පාසලට ගියේ නැහැනේ මගෙ මලේ
කොටි ඇවිත් වස මාලයක් පළඳවා උන් ගෙලේ
රුදුරු ගිනි අවිය දෝතටම දුන්නනේ මලේ

නුඹව ගෙනියන්න කොටි එන්නෙ නැහැ ඉතින්
පාඩමට බාධාවෙන්නේ නැහැ මහා වෙඩි හඬින්
උඹෙ ගෙලට වස මාලයක් එනවා බොරු ඉතින්
බොරු දර්ශනේ කිමද ඉගෙනගනු එක හිතින්

Posted in Uncategorized | 7 Comments

මොහමඩ් නෂීඩ් ඔබට අපගේ උත්තමාචාරය!

කොටි මෙරට යුධ භූමිය තුල පරාජය වූවත් එතෙරදී පරාජය වූයේ නැත. බටහිර රටවල න්යාය පත්රයක කොටස් කරුවන් වන දෙමළ ඩයස්පෝරාව කොටි කල කාර්යභාරය දෙගුණ තෙගුණ කරමින් සිටී. ඔය කියන දෙමළ ඩයස්පෝරාවට අමතරව මෙරට සිටින රාජ්ය නොවන සංවිධානවල සිටින ඊනියා මානව හිතවාදීන්ද සිටී. ඔවුන් ජිනීවා ගොස් ශ්රි ලංකා රජයට විරුද්ධව උද්ඝෝෂණය කරයි.
ඔවුන් සිදු කරන්නේ ඉතාම නින්දිත ක්රියාවක් බව නොපිළිගන්නේ එවන් වූම නින්දිතයන්ය. එම නින්දිතයන්ට නිසි පිළිතුරු මාල දිවයින් ජනාධිපති මොහමඩ් නෂීඩ්ගෙන් ලැබී තිබේ. දිවයින පුවත් පත් වාර්තා කරන ආකරයට ඔහු සුනන්ද දේශප්රියට පවසා ඇත්තේ ඔබ ක්රියා කල යුත්තේ තම රටට පක්ෂව මිස විරුද්ධව නොවන බවය. සුනන්දලා දැන්වත් ඒ යතාර්ථය තේරුම් ගත යුතුව තිබේ.
අප වෙනුවෙන් හඬ අවදි කල පුංචි රටේ පුංචි ජනාධිපතිගේ දැවන්ත වදන්වලට අපගේ උත්තමාචාරය!

Posted in Uncategorized | Leave a comment

දෙමළ ජනතාවගෙ දෙමළ මනාපය

ෆව්සි,ජෙයරාජ්,බකීර් මාකර්,මොහමඩ් වැනි නම් ඇසුනු විට ඔවුන් කවුරුන්දැයි සැවොම දනී. ඔවුහූ දේශපාලනඥයන් වන අතර විශේෂිත දේශපාලනඥයෝ වන්නාහ. ඒ විශේෂත්වය නම් ඔවුන් බොහෝ විට සිංහල හෝ මිශ්ර ජනවර්ගවලින් පාර්ලිමේන්තුවට යැවූ සිංහල නොවන දේශපාලනඥයන් වන නිසාය. වික්රමබාහු කොළඹ දිස්ත්රික්කය තුළ ජීවත් වන කොළඹ නගර සභාවට කිහිප වරක්ම තරඟ කොට පරාජය වූවෙකි. බහුතරය සුළු ජාතින් ජීවත්වන කොළඹ නගර සභාව තුළ සුළු ජාතින් වෙනුවෙන් හඬ නගන ඉතාම පිරිසිදු චරිතයක් හිමි, අවංක එඩිතර, මානව හිතවාදී බාහුට කොළඹ නගර සභාවට පත්වීමට නොහැකි වූයේ ඇයි? ඒ වෙනුවට අවස්ථාවාදී ප්රභා ගනේෂන්ලා, මනෝ ගනේෂන්ලා පාර්ලිමේන්තු යවන තැනට කොළඹ නගර සභාවේ සුළු ජාතීන් ක්රියා කර ඇත්තේ ඇයි? බාහූට සමාන චරිතයක් වූ වාසුට සංධානයෙන් කොළඹ නගර සභාවට තරඟ වැදී ස්වාධීන කණ්ඩායමක් පරදා නගරාධිපති තනතුරට පත්වීමට නොහැකි වූයේ ඇයි? මෑතකදී උතුරේ පැවැත්වුනු පළාත් පාලන මැතිවරණැයේදී දෙමළ ජාතික සංධානය ඉක්මවමින් උතුරේ ජනතාව වෙනුවෙන් වෙහෙසුණු ජනතා විමුක්ති පෙරමුණට සිය අපේක්ෂකයන්ගේ ඡන්දයවත් නොලැබුණේ ඇයි?
මට සිතෙන ආකාරයට නම් ඒ අන් කිසිවක් නිසා නොව අන් ජාතියකට අයත් වූවෙකුට හෝ දෙමළ නොවන පක්ෂයකට ඡන්දය දීමට දෙමළ ජාතිකයන්ගේ ඇති නොකමැත්තයි. එවන් තත්වයකට දෙමළ ජනතාව පත්වීමට මූලිකව බල පාන්නට ඇත්තේ දෙමළ දේශපාලඥයන් විසින් කලින් කල සිංහලයාට විරුද්ධව කෙරුණු උසි ගැන්වීම විය හැකිය. අනිත් අතට දෙමළ දේශපාලඥයන්ගේ ජාතීවාදී දේශපාලනයට එම වර්ගයේම දේශපාලනයකින් පිළිතුරු දුන් සිංහල දේශපාලනඥයන්ද එවැන්නකට පාර කැපුවා විය හැකිය. වඩාත්ම ශෝචනීය කරුණ වන්නේ එ. ජා. ප. ය, සංධානය සහ ජ. වි. පෙ. ය වැනි පක්ෂ හුදු සිංහල පක්ෂ ලෙස දෙමළ ජනතාව විසින් සලකනු ලැබීමයි. ඒ කෙසේ වුවත් දැන් තත්වය කෙමෙන් සමණය වන ලකුණු පහළව තිබේ. මෑතදී පැවති පුංචි ඡන්දයෙන් සැලකිය යුතු ආයතන ගණනාවක් සංධානයට ලැබී ඇත. තවත් ආයතන බොහෝ ගණනාවකදී සංධානය දෙමළ ජාතික සංධානයට සහ දෙමළ ජාතික විමුක්ති පෙරමුණට ඉතා හොඳ තරඟයක් දී තිබේ. මේ අනුව 2005 ට වඩා තත්වය හොඳ අතට හැරී ඇත. නමුත් සමහර බ්ලොග් කරුවන් සහ මාධ්යවේදීන් වාර්තා කරන්නේ ආණ්ඩුව උතුරේදී පරාජය වූ බවය. උතුරේදී සංඛ්යාත්මකව ආණ්ඩුව පරාජය වූවත් කලින්ට වඩා දෙමළ ජනතාවගේ විශ්වාසය ගොඩනගාගෙන තිබේ. එය ප්රාතිහාර්යයක් නොවූවත් ජයග්රහණයකි. ප්රභාකරන් මියැදී අවුරුදු දෙකක් වැනි කෙටි කාලයකදී මේ තත්වයට පත්වීමට හැකි වීම කිසිවකු නොසිතූ ජයග්රහණයකි. දෙමළ ජනතාව ආණ්ඩුවට බද්ධ වීම වැඩි ඈතක නොවේ. වෙනත් වචන වලින් කියන්නේ නම් දෙමළ ජනතාව විසින් දෙමළ යයි කියා ගනු ලබන පක්ෂ ප්රතික්ෂේප කරන දිනය ඉතාම ලඟය. එය සිදුවන දිනය අපගේ රටේ දෙවෙනි නිදහස් දිනය ලෙස නම් කරතොත් එයට මාගේ අතහිත. දෙමළ ජනතාවගේ සැබෑ විමුක්තිය සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කරගත හැකි වන්නේ එවැනි දිනක යයි මගේ විශ්වාසයයි. ඒ දිනය කල් යන දිනයක් දිනයක් පාසා ඔවුන්ගේ පූර්ණ විමුක්තියද දිනයෙන් දිනය ඈතට ඇදී යයි. දෙමළ ජනතාව එය කල් දැමිය යුතු නොවේ. එයින් අවැඩක් සිදුවන්නේ දශක තුනක් තිස්සේ ලේ කඳුළුන් පිරි ජීවිත ගතකල තමුන්ටත් තමුන්ගේ ඉදිරි පරම්පරාවන්ටත්ය.

Posted in Uncategorized | 2 Comments

වම විසින් නිර්මාණය කල තවත් අර්බුදයක්

පරණ වම මෙරට අතීත දේශපාලන භූමිකාව තුළ ප්රබල මෙහෙවරක් කල ව්යාපාරයකි. අද කුජීතව සිටින පරණ යයි කියනු ලබන මෙම වම සුද්දා විසින් මෙරට පාලනය කරන කාලය තුල අධිරාජ්ය විරෝධී අරගලය තුල සිටි අමතක කල නොහැකි බලවේගයකි. ධර්මපාල තුමා විසින් සිංහලකමත් බෞධකමත් වඩවමින් අධිරාජ්ය විරෝධි අරගලය මුවහත් කරද්දී පරණ වම මාක්ස්වාදය පෙරදැරි කරගනිමින් සමාජවාදි කඳවුර ශක්තිමත් කලේය. මේ අනුව බලන කල මෙරට ප්රගතිශීලී දේශප්රේමී කඳවුර නිර්මාණය කරන ක්රියාවලිය තුල මෙම වම සිදු කල මෙහෙය අවතක්සේරු කල නොහැකිය. එමෙන්ම නිදහස ලැබීමෙන් පසුවද ඔවුන් විසින් දියත් කල සටන් ක්රියාමාර්ග හරහා කම්කරුවන්ගෙන් සහ ගොවීන්ගෙන් මූලිකව සමන්විත වූ ජනතාවට ජාති කුල ආගම් භේදයකින් තොරව දිනා දුන් අයිතීන්ද සුළු කොට සැලකිය නොහැකිය. විපක්ෂයක සිටිමින් රජයක අඩු පාඩු පෙන්වමින් ජනතාවගේ පැත්තෙන් ප්රුශ්න දෙස යථාවාදීව බැලීමේ හැකියාව තිබුණත් රජයන් තුලට අතුළු වීමත් සමගම ඒ සියල්ල ටිකෙන් ටික වමෙන් ගිලිහිනි. ඒ වෙනුවට ඔවුන්ට සිදුවූයේ ධනපති පංතිය යයි ඔවුන් විසින් හඳුන්වනු ලැබූ ජන කොට්ඨාශය උදෙසා සිය සේවය ව්යා ප්ත කරන්නටය. එහි අවසන් ප්රකතිඵලය වූයේ ඔවුන් අද සිටින අසරණ තත්වයට පත්වීමයි. කෙසේ වුවත් මේ ලිපියේ අරමුණ වම වැටී සිටින තත්වය හෝ ඔවුන්ගේ පරණ සටන්කාමීත්වය ගැන කතා කිරීම නොවේ. වම රජයක් තුලට රිංගා ධනවාදයටත් සමාජවාදයටත් නැති ප්රිතිපත්තියක පිහිටා සිදු කල එක් කාර්යයක් ගැන පමණක් විග්රහ කිරීමය. ඒ අන් කිසිවක් නොව කුප්ර්සිද්ධ ගෙවල් කුලී පනතයි. ගෙවල් කුලී පනත පරගතිශීලී පනතක් ලෙස හඳුන්වනු මා අසා ඇත. එයින් කුලී නිවැසියාට ලබා දුන් සහනය හෙවත් වෙනත් වචන වලින් කියන්නේ නම් ලොතරැයි දිනුම එකල කුලී නිවැසියාගේ ඇසින් බැලූ කල අසත්යමක් නොවේ. කුලී නිවෙස් හිමියන්ගේ අසධාරණ කොන්දේසි, අධික ගෙවල් කුලී සහ කුලී නිවැසියාට අවශ්ය අවම පහසු කම් නොසැපයීම වැනි කාරණා සැලකීමෙදී ගෙවල් කුලී පනතක් එකල අවශ්ය වූ බවද රහසක් නොවේ. නමුත් එමගින් මෙරට කුලී නිවෙස් කර්මාන්තයට සහ නිවාස ප්රීශ්නයට යහපතක් වීද? ගෙවල් කුලී පනත මගින් කුලී නිවැසියන් රජවරුන් බවට පත් කරන ලද්දේය. ඒ සමගම කුලි නිවෙස් හිමිකරුවන්ට අත්වූයේ දඩාවතේ යන සුනඛයන්ට හිමි ඉරණමකට සමාන තත්වයක්ය. ඔවුන්ට තබා ගතහැකි නිවෙස් සංඛ්යාිවේ සීමා ඇති කරන ලදි. එමෙන්ම කුලිය නැංවිමට බාධා ඇති කරන ලදි. පලාත් පාලන ආයතනය මගින් නියම කරනු ලබන කුලිය වහලේ උළු කැටයක් මාරු කිරීමටවත් ප්රයමාණවත් නොවීය. ඒ සියල්ල අතරේ කුලී නිවෙස් හිමියන්ට සිදු වූයේ නිවාසය උපරිම තත්වයෙන් ලබා දීමය. මේ සියල්ල තුල මෙතෙක් රජෙක් වී සිටි කුලී නිවෙස් හිමියා ඉතාම අසරණ අඩියකට පත් විය. වරෙක දෙවෙනි රැකියාව ලෙස කරණවෑමියකු ලෙස සේවය කල අයෙක් මගෙ හිස කෙස් කොට කරන අතර පැවසුවේ අමාරුවෙන් මුදල් එකතු කොට නිවෙසක් මිලදී ගැනීම ගැන කණගාටු වන බවයි. ඒ ඔහු ඉහතදී කුලී නිවැසියෙක් ලෙස බොහෝ කාලයක් සිටි නිසා පනත එනතුරු සිටියේනම් ඔහුට එම නිවස අත්පත් කර ගැනීමට හැකිව තිබූ බව පවසමිනි. ඔහුට තමා මහන්සියෙන් උපයාගත් මුදලින් තනා ගත් නිවසට වඩා නොමිලේ අයත් වීමට තිබූ නිවස ගැන තිබුණේ තණ්හාවකි. ඒ මෙරට කුලී නිවැසියන්ගේ චෛතසිකය මෙම පනත මගින් කොපමණ ප්රයමාණයකට අපවිත්ර කලේදැයි දැක්වීමට එක් උදාහරණයකි. කෙසේ වෙතත් මෙම තත්වය කුලී නිවැසියගේ යහපතට බලපෑවේ කෙටි කාලයකටය. මෙම අළුත් අත්ත්වයත් සමගම කුලී නිවෙස් හිමියන් අලුතින් නිවෙස් තැනිම නවතා දැමීය. ඒ වෙනුවට යමෙක් නිවසක් කුලියට ගන්නට ආ විට ඔහුට එය ලබා දුන්නේ අත්තිකාරම් මුදල් ගෙන යම් නිශ්චිත කාල පරිච්චේදයකට නීතිඥයෙකු හරහා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුවය. බොහෝ විට නීතිඥ ගාස්තුවෙන් අඩක් පවා කුලී නිවැසියට ගෙවන්නට සිදුවන අතර මින් පෙර ඒ කිසිවක් නොමැතිව ඉතා පහසුවෙන් ලබා ගත හැකිව තිබූ නිවෙස් අහිමි වුයේ ගෙවල් කුලී පනත නිසා බව පැහැදිලිය. මෙම තත්වය තුල මෙරට නිවාස ප්රමශ්නය ඉතාම නරක අතට හැරුණි. එහි ප්රිතිඵලය වූයේ අනවසර පැල්පත්වාසින් බිහිවීමත් මිනිසුන්ට මිනිස් වාසයට නුසුදුසු ස්ථානවල ජීවත් වීමට සිදු වීමත්ය. මේ නයින් බලනකල රජයන්ට මුක්කු ගැසූ වම විසින් මෙරට නිර්මාණය කලේ අර්බුදයකි. කෙටි කාලීන විසදුම් වලින් සිදුවන හානිය පෙන්වීමට මේ තරම්ම සුදුසු උදාහරණ ඇත්නම් ඒ ඉතා අල්පයකි. රජයක් මෙවන් පනත් ගෙන ඒමෙදී වඩාත් බුද්ධිමත්ව ක්රි යා නොකිරීම තුල අවසානයේදී සිදුවන්නේ සියළු දෙනාම අතෘප්තිමත් වීමය. කුලී නිවැසියාටත් , කුලී නිවෙස් හිමියාටත් දෙදෙනාටම වැඩදායක වූ පනතක් බිහි කරගැනීම සඳහා වමට යමක් කල හැකි වූයේනම් මේ ලිපිය ලියන්නට අවශ්ය වන්නේ නැත. එය එසේ වූයේනම් නිවාස අර්බුදයක් දැකිය හැක්කේ අදට වඩා අඩුවෙන් බව මගේ විශ්වාසයයි. ගෙවල් කුලී පනත මගින් රටට ලබාදුන් වටිනාම පණිවිඩය වන්නේ යම් ප්රවශ්නයක් විසඳීමට ගෙනෙන විසඳුම් ඉතාමත්ව පරිස්සමින් අධ්යයනය කළ යුතු බවය. නැතහොත් සිදු වන්නේ තිබෙන ප්රඳශ්නය තව තවත් සංකීර්ණ වී විසඳිමට නොහැකිවී ඔඩු දිවීම පමණි.

Posted in Uncategorized | 1 Comment

කෑදර කුකුලන්ගෙ කුමන්ත්‍රණ විහිළුව

මේ  ඇටමැස්සාගේ  කුමන්ත්‍රණ කතාව වෙනුවෙන් දුන් පිළිතුරකි.

ඔන්න එකමත එක රටක නරියෙක් හිටියා. මේ නරියට යන්න එන්න පුලුවන් මානේ කුකුල් කොටුවකුත් තිබුණා. නරියා දවස් ගණනාවක් උත්සාහ කලා කුකුල් කොටුවෙන් කුකුලෙක් බාගන්න. ඒත් ලඟට කිට්ටු කරත් කුකුල් කොටුවට රිංගනවා බොරු. හැබැයි නරියා උත්සාහය අත් ඇරියේ නැහැ. නරියා කුකුලන්ව බිලි බාගන්න අලුත් උපක්රමයක් හිතුවා. එහෙම හිතලා නරියා පණුවන් ටිකක් හොයාගෙන මල්ලක දාගෙන ගියා කුකුල් කොටුව ලඟට.  ගම රාල පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනකම් හිටපු නරියා කුකුල් කොටුව ලඟටම ගියා. නරියව දැක්ක ගමන් කුකුල් කූඩුවේ හිටිය කුකුල්ලු ඔක්කොම මර ලතෝනි දෙන්න ගත්තා. හැබැයි ගමයා නැති නිසා කුකුල් කූඩුව ලඟ නරියට නිරුපද්රිතව ඉන්න ප්රශ්නයක් වුනේ නැහැ.
කොහොමහරි නරියා මුකුත් කතා නොකර ටික වෙලාවක් නිසොල්මනේ හිටියා. එතකොට බයේ ඇස් වහගෙන හිටපු කුකුල්ලු එක එකා හිමින් ඇස් ඇරලා බැලුවා. එතකොටම
නරියා කතාව පටන් ගත්තා. “ඇයි තමුන්නන්සේලා බයවෙලා. මම මස් කන්නේ නැහැ. මට ඕනෙ ඔහේලා එක්ක මිත්ර වෙන්නයි. මෙන්න ඔහෙලට හොඳ කෑම ටිකක් ගෙනවා”
කියලා මල්ලේ තිබුණු පණුවෝ ටික දැම්ම කූඩුවේ දැල අස්සෙන්. කුකුල්ලුන්ට බය තාවකාලිකව අමතක වෙලා කටට කෙල ඉනුවා. ඒත් ඉතින් මොන වසක් විසක් දාලද දන්නේ නැති නිසා කුකුලෝ කෑවෙ නැහැ. නරියට දුකයි. නරියා කිව්වා “හොඳයි යාලුවනේ උඹලා කවදාහරි මගේ හොඳකම තේරුම් ගනියි” කියලා. නරියා ගියාට පස්සේ එක කෑදර කුකුලෙක් පණුවෙක්ව කෑවා. අනිත් කුකුලෝ කිව්වා කන්න එපා කියලා. මොන කුමණ්ත්රණයක්ද දන්නේ නැහැනේ. හැබැයි කිසි ප්රශ්නයක් නැහැ පණුවෝ කාපු කුකුලට. පස්සේ එතන හිටපු අනිත් කෑදර කුකුලනුත් පැනුවෝ කන්න පටන් ගත්තා. මේ කෑදර කුකුල්ලු ටික කියනවා මෙහෙම

“මේ ගමරාල අපිට දෙන කුකුල් කෑම වගේ නෙවෙයිනේ බං මේව. හරිම රසයි හරිම ගුණයි”.

කොහොමහරි නරියා පහුවදාත් ආවා පණුවෝ අරගෙන. එදානම් නරියා ඉන්දෙදිම කෑදර කුකුලෝ ටික පණුවන්ව පොරකකා කෑවා. නරියා දැන් හැමදාම පණුවෝ ගෙනල්ලා දෙනවා කුකුලන්ට. කෑදර කුකුලොත් ඒවා හිටු කියලා ගිලිනවා. හැබැයි මෙතන මොකක් හරි කුමන්ත්රණයක් තියෙනවා කියලා හිතපු කුකුල්ලු ටිකකුත් හිටියා මේ කූඩුවේ. උන් ටික කිව්ව කෑදර කුකුලන්ට නරියා දෙන ඒවා කන්න එපා කියලා. කෑදර කුකුලො හිතුවේ නරියගේ කෑම කන්නෙ නැති උන් ඊරිසියා කාරයෝ කියලා. කොහොමහරි දැන් නරියයි කෑදර කුකුල්ලු සෙට් එකයි හරිම යාලුයි. කෑදර නැති කුකුල්ලු හැමදාම කෑදර කුකුලන්ට අනතුරු අඟවනවා නරියා ගැන. ඒත් කෑදර කුකුල්ලු නෙමෙයි ඒ කියන ඒවා කණකට ගත්තේ. කෑදර කුකුලෝ කියන්න ගත්තා “උන් හැමදාම කුමන්ත්රණ කුමන්ත්රණ කිය කියා ගමරාලගෙ මෙලෝ රහක් නැති කුකුල් කෑම කකා ඉන්නවා මෝඩයෝ”. ඉතින් කෑදර නැති කුකුලන් මොනවා කරන්නද. උන්ගේ හොඳම යාලුවා තමයි නරියා. කාට කියන්නද ඉතින්. කෑදර නැති කුකුල්ලු දැන් මොනවාහරි වෙයි දැන් මොනවහරි වෙයි කියලා බයෙන් ඉන්නවා. එක දවසක් පුරුදු විදිහට නරියා ආවා කුකුල් කූඩුව ලඟට. නරියා ගෙනාපු කෑම ටිකට ගිලපු කෑදර කුකුලු ටික ඊට පස්සේ නරියා එක්ක කතාවට වැටුනා. නරියා දැක්කා පොඩි විවෘත වෙච්ච තැනක් තියෙනවා කූඩුවේ. හැබැයි නරියට ඒ හිලෙන් කූඩුවට රිංගන්න බැහැ. හැබැයි කුකුලන්ට නම් එන්න පුලුවන් පොඩි ට්රයි එකක් දීලා. නරියා
පොඩි ට්රික් එකක් කල්පනා කලා. ඇත්තම කිව්වොත් ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකක්. “අනේ මම ආසයි අර චූටි කුකුල් පැටියට උම්මා එකක් දෙන්න” කියලා. කෑදර කුකුලොත් මේ ඉල්ලීමෙන් පොඩ්ඩක් අන්ද මන්ද වුනා. ඒත් නරියව විස්වාස කරපු ඒ චූටි කුකුලා අර සිදුර ලඟට ගිහින් නරියට උම්ම දෙන්න පුලුවන් විදිහට හිටියා. නරියා ඒ සිදුරෙන් හොම්බ දැම්ම විතරයි අර ප්රතිගාමි කෑදර නැති කුකුලෝ ටික බෙරිහන් දුන්නා නරියගෙ කුමණ්ත්රණයක් ඕක කියලා. නමුත් පුදුමේ කියන්නේ නරියා කුකුලට උම්මා එකක් දීල අපාහු යැව්වා ඇතුලට. කෑදර කුකුලන්ටයි කෑදර නැති කුකුලන්ටයි හැමෝටම පුදුමයි නරියගේ මේ හැසිරීම ගැන. කොහොමෙන් කොහොමහරි කෑදර නැති කුකුලන්ට මාර නෝන්ඩිය. ඒත් කෑදර නැති කුකුලෝ තාම විශ්වාස කරන්නේ නැහැ නරියා හොඳ එකෙක් කියලා. ඒ නිසාම නරියා ගේන පණුවො කෑවෙවත් නරියට උම්මා දෙන්න ගියේවත් නැහැ. නරියා හැමදාම කුකුලන්ට උම්මා දෙනවා. දැන් නම් කෑදර කුකුලන්ට නරියා එක්ක කිසිම පංති ප්රශ්නයක් වත් වෙන ප්රශ්නයක් වත් නැහැ. දන් සමහර කුකුලෝ එලියට බැහැලා නරියා එක්ක දාම් අදිනවා , පංච දානවා. ඒ තරමට කෑදර කුකුල්ලු ටිකයි නරියයි හරිම මිත්රශීලියි. ඒත් කෑදර නැති කුකුලට තාම නරිය ෂුවර් නැහැ. උන්
හැමදාම කෑදර කුකුලනට අනතුරු අඟවනවා නෝන්ඩි වෙන්න හරි. මේ මිත්ර සමාගම ගෙනියන අතර වාරයේ නරියා කුකුල් කූඩුවක් හැදුවා කැලේ මැද්දේ. දවසක් නරියා තමුන්ගේ හිතවත් කෑදර කුකුලන්ට ඉන්ව්යිට් කලා තමුන්ගේ බර්ත්ඩේ එකට. බර්ත්ඩේ එක දවසේ දැන් කෑදර කුකුලෝ සේරම නරියත් එක්ක ගියා නරියගේ ගෙදරට කේක් කන්න. ඒ කට්ටිය ගියා ගියාමයි ආපහු ආවේ නැහැ. හැබැයි නරියත් ආපහු ආවේ නැහැ. මොකට එනවද දැන් නරියා දිනකට එක බැගින් කනවා කුකුල් මස්.
ඔන්න ඔහොමයි කෑදර කුකුලන්ට වදයක් වෙච්ච විහිළුවක් වෙච්ච කෑදර නැති කුකුලන්ගේ කුමණ්ත්රණ කතාව ඉවර වුනේ.

Posted in Uncategorized | 5 Comments

රාමනුජන් සහ කාලි අම්මා

ගණිතය පිළිබඳව උනන්දුවක් දක්වන හෝ ගණිතය ඉගෙන ගත් අයකුට රාමනුජන් යන නම ඉතා හුරු පුරුදුය. අන් කිසිවක් නිසා නොව අපිට නෑකම් දක්වන දකුණු ඉන්දියාවෙන් බිහිවූ ඉතාම විශිෂ්ට ගණයේ ගණිතඥයකු වන නිසාය. ඔහු හා සම කරන ඉයුලර්, ආර්කිමිඩිස්, ගවුස් වැනි අනිත් ගණිතඥයන්ගේ නම් සලකා බලන විට ඔහු කෙතරම් ප්රබලයෙක්දැයි වටහගැනීම අපහසු නැත. නමුත් රාමනුජන්ගේ පසුබිම ඉහත ඔහු හා සම කරන ගණිතඥයන්ගේ පසුබිම හා සසඳන විට  ඉතාම වෙනස්ය. ඔහු ලොවට බිහිවූයේ ඉන්දියාව බ්රිතාන්යයේ යටත් විජිතයක්ව පැවති 19 වන ශතවර්ෂය අග භාගයේදීය. රාමනුජන් ගණිතය පළමුව අත්පොත් තැබුවේ ඔහුගේ වයස වසර 11ක් පමණ වෙද්දීයඔහු එකල පාසැල් කිහිපයකට ඇතුලත් වුවත් ගණිතයෙන් තොර විෂයන් කෙරෙහි දැක්වූවේ දුබල බවකි. එනිසාම රාමනුජන්ව සමහර පාසල්වලින් නෙරපන ලදි. නමුත් ඔහු ගණිතය කෙරෙහි  දැක්වූයේ අසමසම දස්කමකි. ඔහු විසින් ගණිත ප්රමේයයන් විශාල සංඛ්යාවක් සොයා ගන්නා ලදි. එම ප්රමේයයන් ඔහු එකල කේම්බ්රිජ් සරසවියේ විද්වතුන් කිහිප දෙනෙකුට විමර්ශනය සඳහා යැවූ මුත් බොහෝ විද්වතුන් ඒවා ගණන් ගත්තේ නැත. නමුත් රාමනුජන්ගේ වාසනාවට ඔහුගේ ප්රමේයයන් හාඩි නම් මහාචාර්යවකු විසින් අධ්යයනයට ලක් කරන ලදි. රාමනුජන්ගේ ගණිත හැකියාව හාඩි නොවන්නට උපන් ගෙයිම මියයන්නට වැඩි ඉඩ කඩක් තිබුණි මක් නිසාද යත් ඔහුගේ ප්රමේයයන් වල නිරවද්යතාවය හාඩි විසින් පමණක් ඉතා නිරවුල්ව වටහාගන්නට සමත් වූ බැවිනි. ඉන් ඉක්බිතිව හාඩි විසින් ඔහුව එංගලන්තයේ කේම්බ්රිජ් සරසවියට කැඳවනු ලැබ එකට එක්වී පර්යේෂණ කටයුතු සිදුකරන ලදි. අවසානයේ අවුරුදු 32ක් ආයු වළඳා අකාලයේ මියයනවිට ගණිත ප්රමේයයන් ඉතා විශාල  සංඛ්යාවක් රාමනුජන් විසින් ලොවට දායාද කොට තිබුණි. විශේෂත්වය වන්නේ එය නොවේ. එතරම් ඉහළ අධ්යාපනයක් නොලද වසර 11ක් වෙද්දී ගණිතයට අවතීර්ණවූ රාමනුජන් ආර්කිමිඩිස්, ඉයුලර්, ගවුස් වැන්නන් හා සමවන තරමේ ජගතෙක් වූයේ කෙසේද යන්නයිරාමනුජන්ට අනුව එම ගණිත ප්රමේයයන් බිහි කිරීමට උපකාරී වී ඇත්තේ කාලි අම්මාය. රාමනුජන්ගේම වචන වලින් කියන්නේනම් එම ගණිත සමීකරණ ඔහුට පෙන්වා දෙන ලද්දේ කාලි අම්මා විසිනි. කාලි අම්මා යනු රාමනුජන්ගේ පවුලේ උදවිය විසින් අදහනු ලැබූ දේවතාවියකි. එමෙන්ම උපතින්ම බ්රාහ්මණ වාංශිකයකු වූ රාමනුජන්ට එංගලන්තයට යාමට හාඩිගෙන් ඇරයුම් ලැබෙද්දී ඔහුගේ මව එම ගමනට ඉඳුරාම විරුද්ධ විය. නමුත් රාමනුජන්ගේ මවට සිහිනෙන් පෙනී ඇති කාලි අම්මා ඔහුට එංගලන්තයට යාමට ඉඩ දෙන ලෙස අණ කොට තිබේ. රාමනුජන්ගේ මව ඔහුගේ විදේශ ගමනට අවසර ලබා දී ඇත්තේ ඉන් අනතුරුවයමේ අනුව බලන කල කාලි අම්මා  විසින් රාමනුජන්ට පමණක් නොව ගණිතයටද ඇතිකල බලපෑම සුළුපටු නොවේ. කාලි අම්මා යනුවෙන් දේවතාවියක් සැබෑ ලෙස පවතීද යන්න ගැන අදහසක් මට නැත. එහෙත් රාමනුජන් එය එසේ බව පවසයි. එපමණක් නොව ඇසුරින් මවිතය දන්වන ගණිත ප්රමේයයන් ගණනාවක් ලොවට දායාද කොට ඇත. මෙහිදී විද්වත් ලොව කාලි අම්මාව ප්රතිෂේප කලත් ඔහු විසින් ලබා දුන් දැනුම විසි කොට නැත. රාමනුජන් අප රටේ ඉපදී මෙම ගණිත සමීකරණ අද එළි දැක්වූවානම් කුමක් විය හැකිද? මෙරට පඬියන් ඔහුට සමච්චල් කරනු ඇත. බ්ලොග් අඩවි හරහා පොලඟුන් මෙන් දෂ්ඨ කරනු ඇත. රාමනුජන් එදා අකාලයේ මිය ගියේ අසනීප වීම නිසාය. නමුත් ඔහු අප රටේ සිටියේනම් නිසැකවම මිය යන්නේ ගෙල වැල ලාගෙනය. නලින්ද සිල්වා විසින් පවසන ආසනික් කතාවට සහ නාථ දේව කතාවලට ලැබෙන ප්රතිචාර වලින් බව හොඳට පැහැදිලිය.

Posted in Uncategorized | 2 Comments

අභ්‍යූහනයෙන් සාධනය කෙරෙන දේශපාලන සමීකරණ

මා උසස් පෙළ සිසුවකු ලෙස ගණිතය උගත්දී ඇසූ වචනයකි අභ්‍යූහනය. අභ්‍යූහනය භාවිතා වන්නේ යම් ගණිත සමීකරණයක් නිවැරදි බව සාධනය කිරීම සඳහාය. අභ්‍යූහනයට අනුව එම සමීකරණය නිවැරදි බවට සාධනය කරන්නේ  එය 1 ට නිවැරදි බවත් ඉන් ඉන් අනතුරුව 2 සහ 3 ට නිවැරදි බව තහවරු කිරීමෙන් එය n ට නිවැරදි බව උපකල්පනය කිරීමෙනි. මා ගණිත සංකල්පයක් ඉදිරිපත් කලේ ගණිතය ඉගැන්වීමට නොවේ. දේශපාලනයේදී අභ්‍යූහනය යෙදෙන අවස්ථා කිහිපයක් ගැන සඳහන් කිරීමටය. මගේ මතකයට නැගෙන අභ්‍යූහනයෙන් සාධනය කිරීමට උත්සාහ කරන යම් දේශපාලන සමීකරණ කිහිපයක් පහත දැක්වේ.

රජයක ජනප්‍රියතාව එහි දෙවෙනි වාරය උදෙසා  පැවැත්වෙන මැතිවරණයකදි අඩුවේ 

මෙය ලාංකීය ඉතිහාසය තුළ සැබෑවක් වන්නේ එ. ජා. ප. ය 1977දී ලබා තිබූ ජනප්‍රියත්වය පසු කලීනව පැවැත්වූ මැතිවරණවලදි අඩු වීමය. ඉන් පසු චන්ද්‍රිකා ද දෙවෙනි ධුර කාලය තුල ලබා ගත්තේ අඩු ජනප්‍රියතාවකි. ලෝක දේශපාලනය තුල වුවත් මෙය සත්‍යයකි. මේ අනුව මහින්ද රාජපක්ෂද දෙවෙනි ධුරය සඳහා පවත්වන මැතිවරණයේදි අඩු ජනප්‍රියතාවක් උපයාගනු ඇත.

 ලංකාවේ ජාතික ප්‍රශ්නය විසඳිය හැක්කේ ෆෙඩරල් ක්‍රමයෙනි

ෆෙඩරල් බලය ලබා දීමෙන් ඉන්දියාවේ ප්‍රශ්නය විසඳුනි. ඇමෙරිකාවේ ප්‍රශ්නයද විසඳුවේ ෆෙඩරල් ආකාරයේ බලය විමධ්‍ය ගත කිරීමකිනි. එම නිසා එය ලංකාවටද වලංගුය.

දුටුගැමුණු රජතුමා වෙහෙර විහාර සහ වාරි කර්මාන්ත සිදු කළේ වහල් සේවය ලබා ගැනීමෙනි.

 ඊජිප්තුවෙ රජවරු පිරමීඩ තැනුවේ වහලුන්ව සේවයට යොදවාගෙනය. ලංකාවේ තිබෙන චෛත්‍ය ගත්කල ඒවාද පිරමිඩ මෙන් උසය. එම නිසා චෛත්‍ය  තැනීම සඳහා ලංකාවේ රජවරුද වහල් සේවය යොදා ගත්තේය.

 යුද්ධයෙන් ප්‍රභාකරන් පැරදවිය නොහැක.

1987 දී වඩමාරච්චි සටනේදි බැරිවිය. පසුව රිවිරැස සටනේදීද බැරිවිය. එසේනම් 2009 දීද බැරිය.

 ජ. වි. පෙ. එන්න එන්නම ජනප්‍රිය වෙමින් තිබේ.

1994 දී ප්‍රගතිශීලි පෙරමුණ හරහා මන්ත්‍රී ධුරයක් දිනාගත් ජ. වි. පෙ. ය 2000 දී මන්ත්‍රී දුර 10 ක් ලබා ගත්තේය. ඉන් පසු පැවැත්වූ මැතිවරණයෙන් ආසන 41 ක් දිනා ගන්නා ලදි. එමනිසා මින්පසු එන සෑම මැතිවරණයකදීම දිනා ගන්නා ආසන සංඛ්‍යාව එන්න එන්නම වැඩිවනු ඇත.

ප්‍රභාකරන් බේරා ගැනීමට අවසන් මොහොතේ හෝ ඉන්දියාව හෝ බටහිර රටක් ක්‍රියා කරනු ඇත. එය සාර්ථක වනු ඇත. 

 1987 දී ඉන්දියාව ඉදිරිපත් විය. 2009 දීද ඉදිරිපත් වනු ඇත.

මහින්දව එලවීම සඳහා ජනතාව වහ වහා පෙල ගැසෙනු ඇත  

ඊජිප්තුවේදි එය සිදු විය. ලිබියාවේද සිදු වෙමින් පවතී. එම නිසා ශ්‍රී ලංකාවේද එය සිදු වේ.

යුධ ජයග්‍රහණයෙන් පසු පැවැත්වෙන මැතිවරණයකින් මහින්ද පරාජය වේ.

වින්සන්ට් චර්චිල් දෙවන ලෝක යුද්ධයෙන් පසු පැවැති මැතිවරණයෙන් පරාජයට විය. එම නිසා මහින්දට අත්වන්නේද එම ඉරණමමය.

 ඉහත දැක්වෙන්නේ මට සිහිපත් වුනු අභ්‍යූහනයෙන් සාධනය කිරීමට සමහරුන් විසින් උත්සාහ කළ දේශපාලන සමීකරණ කිහිපයක් පමණි. මෙම දේශපාලන සමීකරණ අභ්‍යූහනයට ගෝචර නොවුනත් අභ්‍යූහනයෙන් සාධනය කළ හැකි දේශපාලන සමීකරණද තිබිය හැක. අවසාන වශයෙන් කිව හැක්කේ දේශපාලන සමීකරණ අභ්‍යූහනෙයෙන් විසඳීම එතරම් ප්‍රඥා ගෝචර ක්‍රියාවක් නොවන බවයි.

Posted in Uncategorized | 2 Comments