ජිනීවා යෑම එදා සහ අද

පසුගිය දිනවල දේශද්‍රෝහි දේශප්‍රේමී බේදයකින් තොරව සියළුම ලාංකිකයන් විසින් සිහිකල නගරයකි ජිනීවා. බොහෝ විට ශ්‍රී ලංකාව තුල ලෝකයේ වෙනත් කිසිදු නගරයක නමක් වැඩිපුර වාර ගණනක් කියවුණිනම් ඒ ජිනීවාය. පසු ගිය මාස කිහිපය තුල සමහර විට එය කොළඹ නගරය පරයා අපේ ජනී ජනයා මුවින් සහ සිතින් කියවුණායයි පැවසීම අතිශ්‍යෝක්තියක් නොවේ.

පසු ගිය මානව හිමිකම් සමුළුවේදී මෙරටින් ජිනීවා වෙත පියසැරුවන්ගෙන් බහුතරය එහි ගියේ අපේ රටට එරෙහිව ඊළාම්වාදයට පක්ෂව බව නොදන්නා අයෙක් නොවේ. මානව හිමිකම් කතා හුදෙක් ඒ සඳහා යොදාගත් අවියක් පමණි. මෙහිදී රට වෙනුවෙන් ක්‍රියා කල පිරිස් ඔවුන්ගේ ක්‍රියාව ඉතා දැඩි ලෙස විවේචනය කල අතර ඉතාමත් නිවැරදි ලෙස එවැන්නන් දේශද්‍රෝහීන් ලෙස හංවඩු ගැසූහ.

නමුත් මෙහිදී සැබෑ දේශද්‍රෝහින් විසින් මහින්ද රාජපක්ෂ 87-89 යුගයේදී ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගි වීමත් දේශද්‍රොහී ක්‍රියාවක් යයි පවසති. ප්‍රශ්නය වන්නේ ජිනීවා ගියේ කවුරුන් උදෙසාද යන්න මිස ජිනීවා යාම නොවේ. මහින්දට ජිනීවා යාමට බල කෙරුනේ එකල මෙරට විදේශ හමුදාවක් ගොඩ බැස සිටි අවධියේ එයට විරුද්ධව වූ දේශප්‍රේමි තරුණයන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණ වෙනුවෙනි.

අද සුනන්ද දේශප්‍රිය වැන්නවුන් ජිනීවා තුල රිලා නැටුම් නටන්නේ රටට එරෙහිවූ කණ්ඩායමක් වෙනුවෙන් රටට එරෙහිවය. මෙදා සුනන්ද දේශප්‍රිය වැන්නවුන්ගේ භූමිකාවත් එදා මහින්දගේ භූමිකාවත් අතර වෙනසක් නොදකින්නේ දේශපාලන අඳබාලයන් විසින් සහ පවිටු දෙශද්‍රෝහින් විසින් පමණකි.

මෙරට දේශප්‍රේමි ජනතාව ප්‍රතික්‍රියා දක්වන්නේ ජිනීවා හි දේශපාලනයට මිස එම නගරයට නොවේ.

 

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to ජිනීවා යෑම එදා සහ අද

  1. 1.රජය ජිනීවා ප්‍රශ්නයට අනවශ්‍ය ප්‍රචාරයක් දීල (පස්සේ ඇදගෙන නෑවේ) තම ආර්ථික කළමණාකරනයේ දුර්වලත්වය වසාගැනීමට ජනතා අවධානය වෙනස් කිරීමට නොවේද?.(ඉන්ධන,බස්ගාස්තු,විදුලිය, ඉහලට – ඩොලරය 130)
    2.ජිනීවා හි සිට රට වෙනුවෙන් විශාල සේවයක් ඉටුකළ තමරා කුගනායගම් මහත්මිය තනතුරෙන් ඉවත් කළේ මන්ද?
    3.@”පසු ගිය මානව හිමිකම් සමුළුවේදී මෙරටින් ජිනීවා වෙත පියසැරුවන්ගෙන් බහුතරය” – ඇත්තටම මේ උදවිය (ආතල් ගන්නවා හැර) කරපු කෙහෙල්මලක් නෑ නේද?
    4.ආණ්ඩුව LLRC කමිටුව පත් කළේ කමිටු වාර්තා ක්‍රියාත්මක කිරීමට නොවේද?ඇයි ඒකට ජිනීවා වලින් බල කරනකම් උඩබලාගෙන හිටියේ?

ප්‍රතිචාර දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s