ගෝත්රවාදය අකැපද?

ජාතිවාදය යනු කුමක්දැයි කුඩා කල සිටම අසා තිබුණු වචනයකි. එහි තේරුම කුමක්දැයි අසන්නට දිව නොනැමෙන්නේ එබැවිණි. නමුත් මෑතකදි අලුත් වචනයක් දේශපාලන ශබ්දකෝෂයට එකතු වී තිබේ. ඒ ගෝත්රවාදයයි. එය ජාතිවාදය වෙනුවට යොදන වෙනත් යෙදුමක්ද? එසේත් නැතිනම් ජාතිවාදයේම වර්ධනීය අවස්ථාවක් පෙන්වන වචනයක්ද? මේ සියළු ප්රශ්න මා හිසෙහි භ්රමණය වන්නට පටන් ගත්තේ යම් බ්ලොග් අඩ්වවිවල පළ වී තිබූ ලිපි සහ ප්රතිචාර කියවීමේදීය. එහෙන් මෙහෙන් බ්ලොග් අඩවි වෙත පිය නගන්නෙක් වන මට දැන් එම වෙබ් අඩවි වලට ලින්ක් එකක් සැපයීමට තරම් මතකයක් හෝ ඒවා සොයා ගැනීමට තරම් විවේක බුද්ධියක් නැත. වසරකට පමණ පෙර මා ගොඩවැදුණු එක් බ්ලොග් අඩවියක සඳහන් වී තිබුණේ තමුන්ගේ පාසල පිළිබඳව අභිමානයෙන් යුතුව සිතීම පවා ගෝත්රවාදයක් බවයි. එය නිවැරදිනම් අපට රට, ජාතිය, ආගම, ගම, පවුල ආදි කී නොකී සියල්ල පිළිබඳව අභිමානයෙන් සිතීම නම් ගෝත්රවාදයකි. එය එසේනම් ගෝත්රවාදය පිටු දැකිය යුතුද? එසේත් නැතිනම් අප චරිත තුල ගොඩ නගා ගත යුතු දෙයක්ද?
තවත් බ්ලොග් අඩවියක පළවූ ලිපියක් සඳහන් කර තිබුණේ ජේ. ආර්. ජයවර්ධන යනු අපේ රට ගෝත්රවාදයෙන් මුදා ගැනිමට ක්රියා කල ශ්රේෂ්ඨයකු ලෙසය. එය එසේනම් 83නේ කළු ජුලිය නිර්මාණය කිරීම, යාපනය පුස්තකාලය ගිනි තැබීම, 87 ඉන්දු ලංකා ගිවිසුම හරහා දෙමළ නිජ භූමියක් පිළි ගැනීම වැනි දේ අයත් විය යුත්තේ ගෝත්රවාදයට එරෙහි වීමක් හැටියටය.
පවතින රජය ගෝත්රවාදී යයි කියන්නේ සිංහල පොඩි දරුවන් පවා කුරිරු ලෙස ඝාතනය කල කොටි පරාජය කල නිසාද?
මේ සියළු විසංවාදී කතාවලින් ගෝත්රවාදය යනු කුමක්දැයි වටහා ගැනිම එතරම් ලෙහෙසි නැත. සුද්දාගේ මුඛයෙන් (අධෝ?) පිටවෙන ඕනෑම වචනයක් සිංහලට හරවා එය පට්ටා ගැසීම අපේ පඬියන්ගේ සිරිතකි. එනිසාම මේ අලුතින් එකතු වූ වචනයද සුද්දාගෙන්ම බිහිවූ යමකැයි සිතන්නට තිබෙන අවකාශ වැඩිය. ගෝත්රවාදය යනු කුමක්දැයි නිවැරදිව නිර්වචනය කල හැකි අයෙක් වෙතොත් කෘතඥ වෙමි.

Advertisements
This entry was posted in Uncategorized and tagged . Bookmark the permalink.

3 Responses to ගෝත්රවාදය අකැපද?

  1. fdsfsaf says:

    තමන් හෝ තමන්ට අයත් කණ්ඩායමක් උසස් ලෙස සිතමින් අනුන් පහත් ලෙස සැලකීමය. මෙය ඉහත වචනය සඳහා මගේ අර්ථදැක්වීමයි. වසලකරණ ධර්මයක් ලෙස සඳහන් උවද සයිබර් බෞද්ධයන්ගේ නවතම විලාසිතාවද මෙයයි.

  2. සිංහලයන් බෞද්ධයන් තම අයිතිවාසිකම් වෙනුවෙන් සුලු හෝ හඬක් නගන විට එය ගෝත්‍රවාදය යැයි හෙලාදකින බොහෝ දෙනා ඒ අර්ථයෙන් තමන් ද ගෝත්‍රවාදීන් ම වන බව නොදැකීම අවාසනාවයි.මා ඔවුන් ගෝත්‍රවාදීන් යයි කියන්නේ ඔවුන් බොහෝ විට මාර්ක්ස්වාදය, කොමියුනිට්ස්වාදය,හෝ ලිබරල්වාදයට හෝ සෙකියුලර්වාදයට (මේ අප සාම්ප්‍රදායික වටිනාකම් වලට පහරගසන නවතම වාදයකි) හෝ මොනයම්ම හෝ වාදයකට ගැතිවී ඒවා දේවභාෂිත මෙන් අදහමින් අන්‍යයයන් (අපරටේ දී නම් බොහෝ විට සිංහල බෞද්ධයන්ව) හෙලාදකිමින් සිටින බැවිණි.

  3. ඔයාට ගෝත්ර වාදය ගැන අවබෝධයක් ගන්න අවශ්‍ය නම් ඒ සදහා වන ප්‍රායෝගික අවස්ථාවක් කියන්නම්.ඔයා ඉපදුනේ ගාල්ලෙ කියමුකෝ.දැන් ඔයා බෙහෙත් ගන්න පෝලිමේ ඉන්නවා.එක ලෙඩෙක් බලල තවලෙඩෙක් ගන්න සෑහෙන වෙලාවක් යනතැනක් ඒක.ටික වෙලාවකින් පිටිපස්සෙ ඉන්න අයියා ඔයාට කියනවා මල්ලි ඔයා ගාල්ලෙද කියලා.ඔයා ඔව් කියනවා.එතකොට ඔයා අහනවා අයියා කොහෙද කියලා.එයා කියනවා මමත් ගාල්ලෙ කියලා.ගාල්ලෙ කොහෙද?එයා කියනවා.මොල්ලිගොඩ කියලා.අහ් මමත් බුස්සෙ.දැන් තම තමන් හිටපු අදුරන,යාලුවො ගැන කතා කර කර බෙහෙත් පෝලිමේ ඉන්නවා.ටික වෙලාවකින් අයියට කෝල් එකක් එනවා.පස්සෙ එයා ඔයාට කියනවා.මල්ලි මට දැන් හදිස්සියක් වෙලා,යන්න වෙනවා කියලා.පස්සෙ ඔයා කරන්නෙ පෝලිමේ ඉස්සරහින් බෙහෙත් ගන්න ඔයා හිටපු තැන එයාට දෙනවා.එයා බෙහෙත් අරන් යන්නං මල්ලි කියලා ගියාට,අලුතෙන් ඔයාගෙ පස්සෙ හිටගත්තු කොලඹ හාදය කියනවා අයියෙ මට හදිස්සියක් වෙලා මං ඉක්මනට යන්නද කියලා.දැන් මොකද ඔයා කරන්නෙ..කොලඹ හාදය ඉස්සරහට යවනවද?නැත්තම් ඔයා යනවද?හ්ම්ම්..පස්සෙ දවසක ඔයාට ආපහු මේ අයියව හම්බවෙනවා.අයියෙ මාව මතකද?කියල ඇහුවට එයාට ඔයාව මතක නැහැ..පස්සෙ ඒ වගේම වෙන කෙනෙක්ද දන්නෙ නැහැ කියලා හිතල ‘අයියා බුස්සෙනෙ කියලා අහනවා’.නැහැ මල්ලි මං කොලඹ කියලා කියනවා.එතකොට එදා බෙහෙත් ගනිද්දි ඔයා කිව්වෙ බූස්සෙ කියලා..
    අහ්..මල්ලි මේ ඔයාද,මට අමතක උනා..ඌ හෙන වෙලාවක් ගන්නවා මල්ලි බෙහෙතක් ලියන්න්න.මං කාලයක් ගාල්ලෙ ජීවත් උනා.මට එහෙ භාෂාවහොදට පුරුදුයි.මල්ලිට ආපු කෝල් එකකින් මං දැනගත්තා මල්ලි කතා කරන විදියෙන්ම ඔයා ගල්ලෙ කියලා..ඒකයි..යන්නම් මල්ලි පරක්කු වුනා…බායි..

ප්‍රතිචාර දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s