ෂේගු මල්ලියේ උඹ හරිද?

ඇට මැස්සාගේ අඩවියේ පළවූ ෂේගු රඝවාන් නමැති සිසුවා වෙනුවෙන් ලියවුනු කවි පංතියක් දැක මේ කව පැඹඳීමට සිත් විය. එම කව ලියා තිබෙන්නේ ෂේගු රඝවාන් ඉතා ඉහළ ක්රියයාවක් කල අයකු ලෙස හැඟෙන පරිදිය. නමුත් මටනම් හිතෙන්නේ ඔහුව හිටපු ගුරුවරයෙක්වූ බන්ධුල ගුනවර්ධණට වැඳීම වලක්වනු ලැබුවේ ළදරු වියේදිම දේශපාලන විෂ පොවන්නට ක්රි යාකල යම් වැඩිහිටියකු විසින් බවයි. බන්ධුල ගුණවර්ධන සිටි තැන ප්රෙභාකරන්, පොට්ටු අම්මාන් හෝ තමිල් සෙල්වම් වැන්නකු සිටියේනම් ෂේගු රඝවාන්ව ඔය ආකාරයටම ඔහුගේ වැඩිහිටියන් විසින් හසුරුවාවිද?

නුඹට දෙස් පාලනය නොමසුරුව ඉගැන්වූ
ගෙවී ගිය දෙවසරට අතීතය අමතකවූ
නුඹේ වැඩිහිටියන්ට මතක් කල යුතුම වූ
බොහෝ දේ අපට ඇත නොවලහා කිව යුතුවූ

වෙඩි හඬින් නොතොර වූ ඒ අඳුරු කාලේ
නුඹේ අයියලා පාසලට ගියේ නැහැනේ මගෙ මලේ
කොටි ඇවිත් වස මාලයක් පළඳවා උන් ගෙලේ
රුදුරු ගිනි අවිය දෝතටම දුන්නනේ මලේ

නුඹව ගෙනියන්න කොටි එන්නෙ නැහැ ඉතින්
පාඩමට බාධාවෙන්නේ නැහැ මහා වෙඩි හඬින්
උඹෙ ගෙලට වස මාලයක් එනවා බොරු ඉතින්
බොරු දර්ශනේ කිමද ඉගෙනගනු එක හිතින්

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

7 Responses to ෂේගු මල්ලියේ උඹ හරිද?

  1. මගෙන් මල් මිටක්, ඔහුට දුන් ඹවදනට

    හිටියොත් හොදට හැදී – දෙවියත් නමට වඳී

  2. ජනපති,අගමැති,අර ඇමති,මේ ඇමති විතරක් නොවෙයි,ජනපතිගේ අල්ලපු ගෙදර මර්වින් අන්කල්ටත් වඳින්න ඕනැනේද,යුද්ධෙ ඉවරකරපු කලගුණ සලකන්න.

  3. charmi... says:

    //බන්ධුල ගුණවර්ධන සිටි තැන ප්රෙභාකරන්, පොට්ටු අම්මාන් හෝ තමිල් සෙල්වම් වැන්නකු සිටියේනම් ෂේගු රඝවාන්ව ඔය ආකාරයටම ඔහුගේ වැඩිහිටියන් විසින් හසුරුවාවිද?//
    අපි වඳින අයටම ඔවුනුත් වැඳිය යුතුද?

  4. eBuwa says:

    ඒක තමයි. වඳින්න ඕන ප්‍රභාකරන්ට, අඹ ගහ යට මෝඩ චාමි වගේ.

    • charmi... says:

      මා වෙනුවෙන් ඔබට කැමති විශේෂණයක් යෙදිය හැකිය. නමුත් කරුණාකර ‘අඹ ගහ යට’ අඩවිය මෙම දේශපාලන මතිමතාන්දර නියෝජනය වන පරිදි යොදාගැනීමෙන් වලකින්න. ‘අඹ ගහ යට’ මා සතු අඩවියක් නොවේ. එය විවිධ මතවාද දරන විශාල පිරිසක් සතු නිදහස් අවකාශයකි.

  5. Pingback: රාඝවන් කොලුවෝ අපි බලා සිටිමු! | Ragawan, we are watching! « පෙරමුණේ රාලගේ අටුවාව

  6. DDD says:

    මල්ලී උබට තියන මොලේ දකුනේ අපේ හරකුන්ට පෑදේවා කියලා ප්‍රාර්තනා කරනවා.
    අනික කිසිම හෙවිල්ලක් බෑලිල්ලක් නෑතුව ඵ් දරුවට කොටි ලේබල් ගහන ඵක අන්තිම චාටර්.

ප්‍රතිචාර දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s