වම විසින් නිර්මාණය කල තවත් අර්බුදයක්

පරණ වම මෙරට අතීත දේශපාලන භූමිකාව තුළ ප්රබල මෙහෙවරක් කල ව්යාපාරයකි. අද කුජීතව සිටින පරණ යයි කියනු ලබන මෙම වම සුද්දා විසින් මෙරට පාලනය කරන කාලය තුල අධිරාජ්ය විරෝධී අරගලය තුල සිටි අමතක කල නොහැකි බලවේගයකි. ධර්මපාල තුමා විසින් සිංහලකමත් බෞධකමත් වඩවමින් අධිරාජ්ය විරෝධි අරගලය මුවහත් කරද්දී පරණ වම මාක්ස්වාදය පෙරදැරි කරගනිමින් සමාජවාදි කඳවුර ශක්තිමත් කලේය. මේ අනුව බලන කල මෙරට ප්රගතිශීලී දේශප්රේමී කඳවුර නිර්මාණය කරන ක්රියාවලිය තුල මෙම වම සිදු කල මෙහෙය අවතක්සේරු කල නොහැකිය. එමෙන්ම නිදහස ලැබීමෙන් පසුවද ඔවුන් විසින් දියත් කල සටන් ක්රියාමාර්ග හරහා කම්කරුවන්ගෙන් සහ ගොවීන්ගෙන් මූලිකව සමන්විත වූ ජනතාවට ජාති කුල ආගම් භේදයකින් තොරව දිනා දුන් අයිතීන්ද සුළු කොට සැලකිය නොහැකිය. විපක්ෂයක සිටිමින් රජයක අඩු පාඩු පෙන්වමින් ජනතාවගේ පැත්තෙන් ප්රුශ්න දෙස යථාවාදීව බැලීමේ හැකියාව තිබුණත් රජයන් තුලට අතුළු වීමත් සමගම ඒ සියල්ල ටිකෙන් ටික වමෙන් ගිලිහිනි. ඒ වෙනුවට ඔවුන්ට සිදුවූයේ ධනපති පංතිය යයි ඔවුන් විසින් හඳුන්වනු ලැබූ ජන කොට්ඨාශය උදෙසා සිය සේවය ව්යා ප්ත කරන්නටය. එහි අවසන් ප්රකතිඵලය වූයේ ඔවුන් අද සිටින අසරණ තත්වයට පත්වීමයි. කෙසේ වුවත් මේ ලිපියේ අරමුණ වම වැටී සිටින තත්වය හෝ ඔවුන්ගේ පරණ සටන්කාමීත්වය ගැන කතා කිරීම නොවේ. වම රජයක් තුලට රිංගා ධනවාදයටත් සමාජවාදයටත් නැති ප්රිතිපත්තියක පිහිටා සිදු කල එක් කාර්යයක් ගැන පමණක් විග්රහ කිරීමය. ඒ අන් කිසිවක් නොව කුප්ර්සිද්ධ ගෙවල් කුලී පනතයි. ගෙවල් කුලී පනත පරගතිශීලී පනතක් ලෙස හඳුන්වනු මා අසා ඇත. එයින් කුලී නිවැසියාට ලබා දුන් සහනය හෙවත් වෙනත් වචන වලින් කියන්නේ නම් ලොතරැයි දිනුම එකල කුලී නිවැසියාගේ ඇසින් බැලූ කල අසත්යමක් නොවේ. කුලී නිවෙස් හිමියන්ගේ අසධාරණ කොන්දේසි, අධික ගෙවල් කුලී සහ කුලී නිවැසියාට අවශ්ය අවම පහසු කම් නොසැපයීම වැනි කාරණා සැලකීමෙදී ගෙවල් කුලී පනතක් එකල අවශ්ය වූ බවද රහසක් නොවේ. නමුත් එමගින් මෙරට කුලී නිවෙස් කර්මාන්තයට සහ නිවාස ප්රීශ්නයට යහපතක් වීද? ගෙවල් කුලී පනත මගින් කුලී නිවැසියන් රජවරුන් බවට පත් කරන ලද්දේය. ඒ සමගම කුලි නිවෙස් හිමිකරුවන්ට අත්වූයේ දඩාවතේ යන සුනඛයන්ට හිමි ඉරණමකට සමාන තත්වයක්ය. ඔවුන්ට තබා ගතහැකි නිවෙස් සංඛ්යාිවේ සීමා ඇති කරන ලදි. එමෙන්ම කුලිය නැංවිමට බාධා ඇති කරන ලදි. පලාත් පාලන ආයතනය මගින් නියම කරනු ලබන කුලිය වහලේ උළු කැටයක් මාරු කිරීමටවත් ප්රයමාණවත් නොවීය. ඒ සියල්ල අතරේ කුලී නිවෙස් හිමියන්ට සිදු වූයේ නිවාසය උපරිම තත්වයෙන් ලබා දීමය. මේ සියල්ල තුල මෙතෙක් රජෙක් වී සිටි කුලී නිවෙස් හිමියා ඉතාම අසරණ අඩියකට පත් විය. වරෙක දෙවෙනි රැකියාව ලෙස කරණවෑමියකු ලෙස සේවය කල අයෙක් මගෙ හිස කෙස් කොට කරන අතර පැවසුවේ අමාරුවෙන් මුදල් එකතු කොට නිවෙසක් මිලදී ගැනීම ගැන කණගාටු වන බවයි. ඒ ඔහු ඉහතදී කුලී නිවැසියෙක් ලෙස බොහෝ කාලයක් සිටි නිසා පනත එනතුරු සිටියේනම් ඔහුට එම නිවස අත්පත් කර ගැනීමට හැකිව තිබූ බව පවසමිනි. ඔහුට තමා මහන්සියෙන් උපයාගත් මුදලින් තනා ගත් නිවසට වඩා නොමිලේ අයත් වීමට තිබූ නිවස ගැන තිබුණේ තණ්හාවකි. ඒ මෙරට කුලී නිවැසියන්ගේ චෛතසිකය මෙම පනත මගින් කොපමණ ප්රයමාණයකට අපවිත්ර කලේදැයි දැක්වීමට එක් උදාහරණයකි. කෙසේ වෙතත් මෙම තත්වය කුලී නිවැසියගේ යහපතට බලපෑවේ කෙටි කාලයකටය. මෙම අළුත් අත්ත්වයත් සමගම කුලී නිවෙස් හිමියන් අලුතින් නිවෙස් තැනිම නවතා දැමීය. ඒ වෙනුවට යමෙක් නිවසක් කුලියට ගන්නට ආ විට ඔහුට එය ලබා දුන්නේ අත්තිකාරම් මුදල් ගෙන යම් නිශ්චිත කාල පරිච්චේදයකට නීතිඥයෙකු හරහා ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුවය. බොහෝ විට නීතිඥ ගාස්තුවෙන් අඩක් පවා කුලී නිවැසියට ගෙවන්නට සිදුවන අතර මින් පෙර ඒ කිසිවක් නොමැතිව ඉතා පහසුවෙන් ලබා ගත හැකිව තිබූ නිවෙස් අහිමි වුයේ ගෙවල් කුලී පනත නිසා බව පැහැදිලිය. මෙම තත්වය තුල මෙරට නිවාස ප්රමශ්නය ඉතාම නරක අතට හැරුණි. එහි ප්රිතිඵලය වූයේ අනවසර පැල්පත්වාසින් බිහිවීමත් මිනිසුන්ට මිනිස් වාසයට නුසුදුසු ස්ථානවල ජීවත් වීමට සිදු වීමත්ය. මේ නයින් බලනකල රජයන්ට මුක්කු ගැසූ වම විසින් මෙරට නිර්මාණය කලේ අර්බුදයකි. කෙටි කාලීන විසදුම් වලින් සිදුවන හානිය පෙන්වීමට මේ තරම්ම සුදුසු උදාහරණ ඇත්නම් ඒ ඉතා අල්පයකි. රජයක් මෙවන් පනත් ගෙන ඒමෙදී වඩාත් බුද්ධිමත්ව ක්රි යා නොකිරීම තුල අවසානයේදී සිදුවන්නේ සියළු දෙනාම අතෘප්තිමත් වීමය. කුලී නිවැසියාටත් , කුලී නිවෙස් හිමියාටත් දෙදෙනාටම වැඩදායක වූ පනතක් බිහි කරගැනීම සඳහා වමට යමක් කල හැකි වූයේනම් මේ ලිපිය ලියන්නට අවශ්ය වන්නේ නැත. එය එසේ වූයේනම් නිවාස අර්බුදයක් දැකිය හැක්කේ අදට වඩා අඩුවෙන් බව මගේ විශ්වාසයයි. ගෙවල් කුලී පනත මගින් රටට ලබාදුන් වටිනාම පණිවිඩය වන්නේ යම් ප්රවශ්නයක් විසඳීමට ගෙනෙන විසඳුම් ඉතාමත්ව පරිස්සමින් අධ්යයනය කළ යුතු බවය. නැතහොත් සිදු වන්නේ තිබෙන ප්රඳශ්නය තව තවත් සංකීර්ණ වී විසඳිමට නොහැකිවී ඔඩු දිවීම පමණි.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

One Response to වම විසින් නිර්මාණය කල තවත් අර්බුදයක්

  1. විවාදයට තුඩු දෙන ලිපියක්.හැබැයි මමත් ඔබත් සමග එකගයි.කුඹුරු පනත සම්බන්දවත් මේ වගේ බහුතර ජනතාව නොදකින පැත්තක් තියෙනව නේද? මම කියන්නේ කුඹුරු හිමියා අසාධාරණයට ලක්වීම සම්බන්දව.

ප්‍රතිචාර දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s