කෑදර කුකුලන්ගෙ කුමන්ත්‍රණ විහිළුව

මේ  ඇටමැස්සාගේ  කුමන්ත්‍රණ කතාව වෙනුවෙන් දුන් පිළිතුරකි.

ඔන්න එකමත එක රටක නරියෙක් හිටියා. මේ නරියට යන්න එන්න පුලුවන් මානේ කුකුල් කොටුවකුත් තිබුණා. නරියා දවස් ගණනාවක් උත්සාහ කලා කුකුල් කොටුවෙන් කුකුලෙක් බාගන්න. ඒත් ලඟට කිට්ටු කරත් කුකුල් කොටුවට රිංගනවා බොරු. හැබැයි නරියා උත්සාහය අත් ඇරියේ නැහැ. නරියා කුකුලන්ව බිලි බාගන්න අලුත් උපක්රමයක් හිතුවා. එහෙම හිතලා නරියා පණුවන් ටිකක් හොයාගෙන මල්ලක දාගෙන ගියා කුකුල් කොටුව ලඟට.  ගම රාල පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනකම් හිටපු නරියා කුකුල් කොටුව ලඟටම ගියා. නරියව දැක්ක ගමන් කුකුල් කූඩුවේ හිටිය කුකුල්ලු ඔක්කොම මර ලතෝනි දෙන්න ගත්තා. හැබැයි ගමයා නැති නිසා කුකුල් කූඩුව ලඟ නරියට නිරුපද්රිතව ඉන්න ප්රශ්නයක් වුනේ නැහැ.
කොහොමහරි නරියා මුකුත් කතා නොකර ටික වෙලාවක් නිසොල්මනේ හිටියා. එතකොට බයේ ඇස් වහගෙන හිටපු කුකුල්ලු එක එකා හිමින් ඇස් ඇරලා බැලුවා. එතකොටම
නරියා කතාව පටන් ගත්තා. “ඇයි තමුන්නන්සේලා බයවෙලා. මම මස් කන්නේ නැහැ. මට ඕනෙ ඔහේලා එක්ක මිත්ර වෙන්නයි. මෙන්න ඔහෙලට හොඳ කෑම ටිකක් ගෙනවා”
කියලා මල්ලේ තිබුණු පණුවෝ ටික දැම්ම කූඩුවේ දැල අස්සෙන්. කුකුල්ලුන්ට බය තාවකාලිකව අමතක වෙලා කටට කෙල ඉනුවා. ඒත් ඉතින් මොන වසක් විසක් දාලද දන්නේ නැති නිසා කුකුලෝ කෑවෙ නැහැ. නරියට දුකයි. නරියා කිව්වා “හොඳයි යාලුවනේ උඹලා කවදාහරි මගේ හොඳකම තේරුම් ගනියි” කියලා. නරියා ගියාට පස්සේ එක කෑදර කුකුලෙක් පණුවෙක්ව කෑවා. අනිත් කුකුලෝ කිව්වා කන්න එපා කියලා. මොන කුමණ්ත්රණයක්ද දන්නේ නැහැනේ. හැබැයි කිසි ප්රශ්නයක් නැහැ පණුවෝ කාපු කුකුලට. පස්සේ එතන හිටපු අනිත් කෑදර කුකුලනුත් පැනුවෝ කන්න පටන් ගත්තා. මේ කෑදර කුකුල්ලු ටික කියනවා මෙහෙම

“මේ ගමරාල අපිට දෙන කුකුල් කෑම වගේ නෙවෙයිනේ බං මේව. හරිම රසයි හරිම ගුණයි”.

කොහොමහරි නරියා පහුවදාත් ආවා පණුවෝ අරගෙන. එදානම් නරියා ඉන්දෙදිම කෑදර කුකුලෝ ටික පණුවන්ව පොරකකා කෑවා. නරියා දැන් හැමදාම පණුවෝ ගෙනල්ලා දෙනවා කුකුලන්ට. කෑදර කුකුලොත් ඒවා හිටු කියලා ගිලිනවා. හැබැයි මෙතන මොකක් හරි කුමන්ත්රණයක් තියෙනවා කියලා හිතපු කුකුල්ලු ටිකකුත් හිටියා මේ කූඩුවේ. උන් ටික කිව්ව කෑදර කුකුලන්ට නරියා දෙන ඒවා කන්න එපා කියලා. කෑදර කුකුලො හිතුවේ නරියගේ කෑම කන්නෙ නැති උන් ඊරිසියා කාරයෝ කියලා. කොහොමහරි දැන් නරියයි කෑදර කුකුල්ලු සෙට් එකයි හරිම යාලුයි. කෑදර නැති කුකුල්ලු හැමදාම කෑදර කුකුලන්ට අනතුරු අඟවනවා නරියා ගැන. ඒත් කෑදර කුකුල්ලු නෙමෙයි ඒ කියන ඒවා කණකට ගත්තේ. කෑදර කුකුලෝ කියන්න ගත්තා “උන් හැමදාම කුමන්ත්රණ කුමන්ත්රණ කිය කියා ගමරාලගෙ මෙලෝ රහක් නැති කුකුල් කෑම කකා ඉන්නවා මෝඩයෝ”. ඉතින් කෑදර නැති කුකුලන් මොනවා කරන්නද. උන්ගේ හොඳම යාලුවා තමයි නරියා. කාට කියන්නද ඉතින්. කෑදර නැති කුකුල්ලු දැන් මොනවාහරි වෙයි දැන් මොනවහරි වෙයි කියලා බයෙන් ඉන්නවා. එක දවසක් පුරුදු විදිහට නරියා ආවා කුකුල් කූඩුව ලඟට. නරියා ගෙනාපු කෑම ටිකට ගිලපු කෑදර කුකුලු ටික ඊට පස්සේ නරියා එක්ක කතාවට වැටුනා. නරියා දැක්කා පොඩි විවෘත වෙච්ච තැනක් තියෙනවා කූඩුවේ. හැබැයි නරියට ඒ හිලෙන් කූඩුවට රිංගන්න බැහැ. හැබැයි කුකුලන්ට නම් එන්න පුලුවන් පොඩි ට්රයි එකක් දීලා. නරියා
පොඩි ට්රික් එකක් කල්පනා කලා. ඇත්තම කිව්වොත් ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකක්. “අනේ මම ආසයි අර චූටි කුකුල් පැටියට උම්මා එකක් දෙන්න” කියලා. කෑදර කුකුලොත් මේ ඉල්ලීමෙන් පොඩ්ඩක් අන්ද මන්ද වුනා. ඒත් නරියව විස්වාස කරපු ඒ චූටි කුකුලා අර සිදුර ලඟට ගිහින් නරියට උම්ම දෙන්න පුලුවන් විදිහට හිටියා. නරියා ඒ සිදුරෙන් හොම්බ දැම්ම විතරයි අර ප්රතිගාමි කෑදර නැති කුකුලෝ ටික බෙරිහන් දුන්නා නරියගෙ කුමණ්ත්රණයක් ඕක කියලා. නමුත් පුදුමේ කියන්නේ නරියා කුකුලට උම්මා එකක් දීල අපාහු යැව්වා ඇතුලට. කෑදර කුකුලන්ටයි කෑදර නැති කුකුලන්ටයි හැමෝටම පුදුමයි නරියගේ මේ හැසිරීම ගැන. කොහොමෙන් කොහොමහරි කෑදර නැති කුකුලන්ට මාර නෝන්ඩිය. ඒත් කෑදර නැති කුකුලෝ තාම විශ්වාස කරන්නේ නැහැ නරියා හොඳ එකෙක් කියලා. ඒ නිසාම නරියා ගේන පණුවො කෑවෙවත් නරියට උම්මා දෙන්න ගියේවත් නැහැ. නරියා හැමදාම කුකුලන්ට උම්මා දෙනවා. දැන් නම් කෑදර කුකුලන්ට නරියා එක්ක කිසිම පංති ප්රශ්නයක් වත් වෙන ප්රශ්නයක් වත් නැහැ. දන් සමහර කුකුලෝ එලියට බැහැලා නරියා එක්ක දාම් අදිනවා , පංච දානවා. ඒ තරමට කෑදර කුකුල්ලු ටිකයි නරියයි හරිම මිත්රශීලියි. ඒත් කෑදර නැති කුකුලට තාම නරිය ෂුවර් නැහැ. උන්
හැමදාම කෑදර කුකුලනට අනතුරු අඟවනවා නෝන්ඩි වෙන්න හරි. මේ මිත්ර සමාගම ගෙනියන අතර වාරයේ නරියා කුකුල් කූඩුවක් හැදුවා කැලේ මැද්දේ. දවසක් නරියා තමුන්ගේ හිතවත් කෑදර කුකුලන්ට ඉන්ව්යිට් කලා තමුන්ගේ බර්ත්ඩේ එකට. බර්ත්ඩේ එක දවසේ දැන් කෑදර කුකුලෝ සේරම නරියත් එක්ක ගියා නරියගේ ගෙදරට කේක් කන්න. ඒ කට්ටිය ගියා ගියාමයි ආපහු ආවේ නැහැ. හැබැයි නරියත් ආපහු ආවේ නැහැ. මොකට එනවද දැන් නරියා දිනකට එක බැගින් කනවා කුකුල් මස්.
ඔන්න ඔහොමයි කෑදර කුකුලන්ට වදයක් වෙච්ච විහිළුවක් වෙච්ච කෑදර නැති කුකුලන්ගේ කුමණ්ත්රණ කතාව ඉවර වුනේ.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

5 Responses to කෑදර කුකුලන්ගෙ කුමන්ත්‍රණ විහිළුව

  1. Charmi says:

    මේ කතාව කුකුලන්ට සහ නරින්ට අදාලව නම් හරියටම හරි 😀
    නමුත් ඇටමැස්සා සඳහන් කලේ දිගින් දිගටම බිල්ලන් පෙන්වමින් පාලනය ගෙනයාමේ ක්‍රමවේදය ගැන. එය මෙවන් උදාහරණයකට ලඝු කිරීම අසාධාරණයි.
    කෙසේවෙතත් බ්ලොගවකාශයේ ඔබේ මතවාදී මැදිහත්වීම අවශ්‍ය දෙයක්. එය වැදගත්.

  2. මගුල් කෑමේ අලුත් වර්ශන් එකද?

  3. ```Outsider``` says:

    උත්සාහය හොඳයි. ඒත් කුමන්ත්‍රණ ගැන ලිපියට ඔබ පිළිතුරු ලෙස ගෙතූ බව සඳහන් කලත් මේ කතන්දරය එයට ආදේශ කිරීම අපහසුය. මොකද යථාර්තය තුළ නරි වගේ කපටි සහ හොරු වන්නේ නිතරම මේ කුමන්ත්‍රණ ගැන නන්දොඩවමින් මහජන මුදලින් ජීවත් වන්නන්ය. කුකුල්ලු මෙන් සියල්ල ඉවසන්න සිදුව ඇත්තේ මහජනායාටයි.

  4. Kathandara says:

    ඊසොප් ගේ උපමා කතාත් දේශපාලන කතන්දර.
    වන ජ දහනත් එහෙමයි.
    සේරම සත්තු ගැනයි මතුපිටින්.

  5. ඇත්ත, අපි රැවටිලා බව අවසාන මොහොත දක්වා ම අපිට තේරෙන්නේ නෑ.හරියට කෑදර කුකුල්ලෝ වාගේ.

    හැබැයි ඇටමැස්සා පෙන්නුවේ මීට ටිකක් වෙනස් දෙයක්.

ප්‍රතිචාර දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s