රාමනුජන් සහ කාලි අම්මා

ගණිතය පිළිබඳව උනන්දුවක් දක්වන හෝ ගණිතය ඉගෙන ගත් අයකුට රාමනුජන් යන නම ඉතා හුරු පුරුදුය. අන් කිසිවක් නිසා නොව අපිට නෑකම් දක්වන දකුණු ඉන්දියාවෙන් බිහිවූ ඉතාම විශිෂ්ට ගණයේ ගණිතඥයකු වන නිසාය. ඔහු හා සම කරන ඉයුලර්, ආර්කිමිඩිස්, ගවුස් වැනි අනිත් ගණිතඥයන්ගේ නම් සලකා බලන විට ඔහු කෙතරම් ප්රබලයෙක්දැයි වටහගැනීම අපහසු නැත. නමුත් රාමනුජන්ගේ පසුබිම ඉහත ඔහු හා සම කරන ගණිතඥයන්ගේ පසුබිම හා සසඳන විට  ඉතාම වෙනස්ය. ඔහු ලොවට බිහිවූයේ ඉන්දියාව බ්රිතාන්යයේ යටත් විජිතයක්ව පැවති 19 වන ශතවර්ෂය අග භාගයේදීය. රාමනුජන් ගණිතය පළමුව අත්පොත් තැබුවේ ඔහුගේ වයස වසර 11ක් පමණ වෙද්දීයඔහු එකල පාසැල් කිහිපයකට ඇතුලත් වුවත් ගණිතයෙන් තොර විෂයන් කෙරෙහි දැක්වූවේ දුබල බවකි. එනිසාම රාමනුජන්ව සමහර පාසල්වලින් නෙරපන ලදි. නමුත් ඔහු ගණිතය කෙරෙහි  දැක්වූයේ අසමසම දස්කමකි. ඔහු විසින් ගණිත ප්රමේයයන් විශාල සංඛ්යාවක් සොයා ගන්නා ලදි. එම ප්රමේයයන් ඔහු එකල කේම්බ්රිජ් සරසවියේ විද්වතුන් කිහිප දෙනෙකුට විමර්ශනය සඳහා යැවූ මුත් බොහෝ විද්වතුන් ඒවා ගණන් ගත්තේ නැත. නමුත් රාමනුජන්ගේ වාසනාවට ඔහුගේ ප්රමේයයන් හාඩි නම් මහාචාර්යවකු විසින් අධ්යයනයට ලක් කරන ලදි. රාමනුජන්ගේ ගණිත හැකියාව හාඩි නොවන්නට උපන් ගෙයිම මියයන්නට වැඩි ඉඩ කඩක් තිබුණි මක් නිසාද යත් ඔහුගේ ප්රමේයයන් වල නිරවද්යතාවය හාඩි විසින් පමණක් ඉතා නිරවුල්ව වටහාගන්නට සමත් වූ බැවිනි. ඉන් ඉක්බිතිව හාඩි විසින් ඔහුව එංගලන්තයේ කේම්බ්රිජ් සරසවියට කැඳවනු ලැබ එකට එක්වී පර්යේෂණ කටයුතු සිදුකරන ලදි. අවසානයේ අවුරුදු 32ක් ආයු වළඳා අකාලයේ මියයනවිට ගණිත ප්රමේයයන් ඉතා විශාල  සංඛ්යාවක් රාමනුජන් විසින් ලොවට දායාද කොට තිබුණි. විශේෂත්වය වන්නේ එය නොවේ. එතරම් ඉහළ අධ්යාපනයක් නොලද වසර 11ක් වෙද්දී ගණිතයට අවතීර්ණවූ රාමනුජන් ආර්කිමිඩිස්, ඉයුලර්, ගවුස් වැන්නන් හා සමවන තරමේ ජගතෙක් වූයේ කෙසේද යන්නයිරාමනුජන්ට අනුව එම ගණිත ප්රමේයයන් බිහි කිරීමට උපකාරී වී ඇත්තේ කාලි අම්මාය. රාමනුජන්ගේම වචන වලින් කියන්නේනම් එම ගණිත සමීකරණ ඔහුට පෙන්වා දෙන ලද්දේ කාලි අම්මා විසිනි. කාලි අම්මා යනු රාමනුජන්ගේ පවුලේ උදවිය විසින් අදහනු ලැබූ දේවතාවියකි. එමෙන්ම උපතින්ම බ්රාහ්මණ වාංශිකයකු වූ රාමනුජන්ට එංගලන්තයට යාමට හාඩිගෙන් ඇරයුම් ලැබෙද්දී ඔහුගේ මව එම ගමනට ඉඳුරාම විරුද්ධ විය. නමුත් රාමනුජන්ගේ මවට සිහිනෙන් පෙනී ඇති කාලි අම්මා ඔහුට එංගලන්තයට යාමට ඉඩ දෙන ලෙස අණ කොට තිබේ. රාමනුජන්ගේ මව ඔහුගේ විදේශ ගමනට අවසර ලබා දී ඇත්තේ ඉන් අනතුරුවයමේ අනුව බලන කල කාලි අම්මා  විසින් රාමනුජන්ට පමණක් නොව ගණිතයටද ඇතිකල බලපෑම සුළුපටු නොවේ. කාලි අම්මා යනුවෙන් දේවතාවියක් සැබෑ ලෙස පවතීද යන්න ගැන අදහසක් මට නැත. එහෙත් රාමනුජන් එය එසේ බව පවසයි. එපමණක් නොව ඇසුරින් මවිතය දන්වන ගණිත ප්රමේයයන් ගණනාවක් ලොවට දායාද කොට ඇත. මෙහිදී විද්වත් ලොව කාලි අම්මාව ප්රතිෂේප කලත් ඔහු විසින් ලබා දුන් දැනුම විසි කොට නැත. රාමනුජන් අප රටේ ඉපදී මෙම ගණිත සමීකරණ අද එළි දැක්වූවානම් කුමක් විය හැකිද? මෙරට පඬියන් ඔහුට සමච්චල් කරනු ඇත. බ්ලොග් අඩවි හරහා පොලඟුන් මෙන් දෂ්ඨ කරනු ඇත. රාමනුජන් එදා අකාලයේ මිය ගියේ අසනීප වීම නිසාය. නමුත් ඔහු අප රටේ සිටියේනම් නිසැකවම මිය යන්නේ ගෙල වැල ලාගෙනය. නලින්ද සිල්වා විසින් පවසන ආසනික් කතාවට සහ නාථ දේව කතාවලට ලැබෙන ප්රතිචාර වලින් බව හොඳට පැහැදිලිය.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to රාමනුජන් සහ කාලි අම්මා

  1. saranaj says:

    ඔබ පවසන රාමනුජාන් සහ කාලි අම්ම අතර සම්බන්ධය සහ නලින් ද සිල්වා මහතා පවසන ආකාරය දෙකකි. (දැන් ඉතින් කැලණියට පෙනයක් ඇසීමට යා යුතිය, හරි කුමක් දැයි දැන ගැනීමට). ඔබ කියන්නේ කලි අම්ම මවට දර්ශනය වූ බවය, ආචාර්ය තුමා පවසන්නේ ඔහු කලි අම්මගෙන් වරම් ගෙන ප්‍රමෙයන් ගොඩ නඩු බවය. කෙසේ වෙතත් රාමනුජාන්ගේ සහ කැලණිය පර්යේෂණ කණ්ඩායමේ වෙනස නම් රමනුජාන් නිරවුල්ව තර්කානුකුලව ප්‍රමෙයන් ඉදිරිපත් කරන ලද අතර අප පර්යේෂකයන් දේශපාලන හයියෙන් ප්‍රතිපල වලින් පහර දීමය. තාමත් පරීක්ෂණ වාර්තාවක් නොමැත. නාථ දෙවියන් සහ දෙවොල් දෙවියන් විකුණමින් දේශපාලන වාසි ගැනීමට උත්සාහ දරන්නේ කවුද කියා අමුතුවෙන් කිව යුතු නැත. මෝඩ යෝජනා වලින් රටේ ගොවිතැනට කෙළවු විට රමනුජන්ට හෝ නලින් ද සිල්වා පඩි තුමාට කෙසේ වෙතත් රටේ ජනයාට නම් බෙල්ලේ වල දමා ගැනීමට සිදුවනු ඇත.

  2. කාලිගෙ අම්මා says:

    ඉස්තෝප්පුව මොකද්ද මේ කියන්නෙ…යකෝ රාමානුජම් වගේ මිනිස්සු ආයෙ බිහි වෙන එකක් නෑ නේද?

ප්‍රතිචාර දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s