බෑන් කී මූන් එළවිය යුතුද?

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිතර තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සහ ක්‍රියාකාරින්ට දෙන අවවාදයක් ඇත. ඒ නම් තමුන්ගේ ඇත්ත වෘතිය කුමක් වුවත් දේශපාලනය ගැන කටයුතු කිරීමේදී දේශපාලයකු ලෙස සිතන ලෙසය. රනිල් තරම් මෑත ඉතිහාසය තුල කට වරද්දාගත් අයෙක් නැත. නමුත් ඔහුගේ ඉහත කියමන කට වරද්දාගෙන කියූවක් නොවේ. රනිල් වික්‍රමසිංහගෙන් අපට යමක් ඉගෙන ගැනීමට ඇත්නම් ඒ ඉතා අල්පයකි. ඔහු නිතර සඳහන් කරන උක්ත අවවාදයද ඒ අලපයෙන් එකකි. ඒ කෙසේ වෙතත් රනිල්ගේ සමීපතමයකු සේ ගැනෙන රවි කරුණානායක එය ඉගෙන ගත් බවක් නොපෙනේ. මේ පූර්විකාව අන් කිසිවක් නිසා නොව රවි මෑතකදී බෑන් කී මුන්ගේ නැවත පත්වීම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය විවේචනය කරමින් සිදු කල මාධ්‍ය සාකච්චාවේදි පල කල අදහස් උදෙසාය. ඔහුට අනුව බෑන් කීගේ නැවත පත්වීම රජය අනුමත් කොට තිබේ. එය වැරදිද? බැලු බැල්මට එය වැරදිය. අදේශපාලනිකව සිතන තාක් කල් එය වැරදිය. රජයේ ඇමතිවරයෙක් වූ විමල් වීරවංශ බෑන් කී මූන්ගේ විද්වත් කමිටුවට එරෙහිව මාරාන්තික උපවාසයක් පවා සිදු කලේ රජයේ අනුග්‍රහය ඇතුව බව රහසක් නොවේ.

බෑන් කී මුන්ගේ ක්‍රියා අපේ රටට හතුරු වූවක් බව කිරි දරුවන් පවා දන්නා දෙයකි. නමුත් ඔහුගේ ක්‍රියා පසුපස සිටින්නේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් බව අද නොදන්නා කෙනෙක් වෙතොත් ඒ ඉතාම අඩුවෙනි. ඔහු නෛතිකව ලෝකයේ සියල්ලන්ටම උඩින් සිටින නමුත් යථාර්තය ඊට ඉඳුරාම වෙනස්ය. ඔහු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගනු ලැබූ බොහෝ ක්‍රියාමාර්ග ගැනීමට බල කරනු ලැබුවේ ඇමෙරිකව , බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර බලවතුන්ය රටවල්ය. නමුත් අප අසා ඇති පරිදි ඔහු ලංකාව සම්බන්ධයෙන් දියරූ ප්‍රතිපතියක් ගෙන ගිය බව පැවසේ. යුද්ධය අපට ජයග්‍රහණය කරන්නට හැකි වුනේ එවැනි පසුබිමක් තුල බව පැහැදිලිය. එය එසේ නොවුයේනම් ලිබියාවට, ඉරාකයට සහ ඇෆ්ගනිස්ථානයට වූ දේ අපට නොවීමට එතරම් ඉඩක් විවෘතව තිබුණේ නැත. නමුත් මැතකදි බෑන් කී මූන්ගේ දරුස්මාන් වාර්තාව එළි දැක්වුයේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සතුටු කිරීමටය. යම් හෙයකින් බෑන් කී මූන් වෙනුවට අන් අයෙකු පත් වූවොත් කුමක් විය හැකිද? ඔහු බෑන් කී මූන්ටත් වඩා ඇමෙරිකාවේ බළල් අතක් වූවොත් සිදු විය හැක්කේ අප කබලෙන් ලිපට වැටිම පමණකි. අපගේ ධනපාල මහතාම පත්වූයේයයි සිතමු. ඔහු කාගේ පැත්ත ගනීවීදැයි කිව හැක්කේ කාටද? රජය කලපනා කරන්නට ඇත්තේ නොදන්න දෙවියාට වඩා දන්න යකා හොඳ බව සිතලා විය යුතුය. එය දේශපාලනිකව ක්‍රියාකිරීමකි. අදේශපාලනිකව සිතන තාක් කල් මේවා තේරුම් ගැනීම පහසු නැත. එක්සත් ජාතික පාක්ෂිකයන් තම යාවජීව නායකයාගෙන් ඉගෙන ගත යුතු තවත් දේවල් තිබෙන බව පැහැදිලිය.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

ප්‍රතිචාර දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s