ඔබාමා සහ ශ්‍රී වික්‍රම රාජසිංහ

දාහත්වන සියවසේ පටන් ඇමෙරිකාවට වහලුන් සේ අප්රිකානු කලු ජාතිකයන් විශාල වශයෙන් ගෙනෙන ලදි. රූට් නම් රූපවාහිනි ටෙලි නාට්යය අනුව කලු ජාතිකන්ව අප්රිොකාවේදී අල්ලාගන්නා ලද්දේ සතුන්ව මෙන් දැල් දැමීමෙනි. ඉන් අනතුරුව ඔවුන්ව වහල් සේවය සඳහා යොදා ගන්නා ලද්දේ පාද වලට විලංගු දමාය.   ඔවුන් භුක්ති වින්දේ අපට කිසිදා සිහිනෙන්වත් විඳිය නොහැකි දුක් කන්දරාවකි. ඒබ්රහම් ලින්කන් විසින් වහල් සේවය නීති විරෝධි කළදා සිට ඇමෙරිකාවේ ජීවත් වූ කළු ජාතිකයන්ට යම් සහනයක් එකතු වූ නමුදු එය  ඔවුන්ට ආත්මාභිමානයෙන් ජීවත් වීම සඳහා ප්රාමාණවත් නොවීය..  ගාන්ධිගේ අවිහිංසාවාදි ව්යාපාරයේ ආස්වාදය ලැබූ මාටින් ලූතර් කින්ග් නැමති සිවිල් ක්රියාකාරිකයා නිසා යම් අයිතිවාසිකම් ප්රමාණයක් දිනාගත්තද කල්ලන්ට ඇමෙරිකා සමමායේ තිබුනේ හොඳ පිළි ගැනීමක් නොවේ. සුදු ජාතිකයන් වෙතින් ඔවුන්ට එල්ල වූයේ නොරිස්සුම් සහගත ප්රතිචාරයන් විනා ඔවුන් අමෙරිකානුවන් සේ පිළිගන්නා ප්රතිපත්තියක් නොවේ. එවන් පරිසරයක් තුළ ඔබාමා ඇමෙරිකානු ජනාධිපති පදවියට පත්වූයේ  ඇමෙරිකාවට පමණක් නොව මුළු ලොවටම කිසිදා අමතක නොවන, අමතක නොකල යුතු ඓතිහාසික දිනයක් උරුම කර දෙමිනි. ඒ කෙසේ වෙතත් ඇමෙරිකාවට සුළු ජාතිකයකු තමුන්ගේ නායකත්වයට පත්කර ගැනීමට මේ 21 වැනි සියවස ලබන තුරු බලා සිටීමාට සිදුවිය. නැවතත් සඳහන් කරන්නේ එය මුලු ලොවේ සියල්ලන්ටම මහත් ආස්වාදනීය කරුණක් බවය. අපේ රටේ ජනතාවද ඔබාමගේ පත්වීම කෙරෙහි දැක්වූයේ අතිශය පහන් හැඟීමකි. නමුත් ඒ සතුටු වන්නන් අතර පඬියන්ද වූහ. ඔවුන් සතුටු වූයේ ඔබාමගේ පත්වීමට වඩා ඔබාමගේ පත්වීම මෙරට සිංහල ජනතාවට එරෙහිව පාවිච්චි කළ හැකි ආයුධයක් සේ අන්ධ ලෙස විස්වාස කළ නිසාය. මෙම පඬියන්ට අනුව අමෙරිකාවේ මෙම දේශපාලන තත්වයට අපට ලඟාවීමට මේ කපේදි බැරිය. හේතුව සේ ඔවුන් දකින්නේ සිංහලයන් තමුන්ගේ නායකත්වයට සුලු ජාතිකයකු පත් කර ගැනීමට තරම් උසස් වූ මානසික තත්වයකට කිසිදා ලඟාවිය නොහැකි අන්ත ජාතිවාදි ගොහොරුවක සිරවී සිටිතියි යන මිත්යාුව නිසාය. නමුත් සත්යය ඊට ඉඳුරාම් වෙනස්ය. සුද්දන් විසින් මෙරටට ගොඩ බැස සියල්ල අවුල් කිරීමට පෙර මෙහි සිටි අවසන් සිංහල රජු ද්රවවිඩ ජාතිකයකු වූ ශ්රී  වික්රම රාජසිංහ රජුය.  අඩුම තරමින් මීට වසර දෙසීයකට අඩු කාලයක් තුළ වෙනත් ජාතියක පාලකයෙක් තනා ගැනීමට අවශ්ය කරන ඒ උසස් මානසික තත්වය අපට තිබුණි. ශ්රී  වික්රම රාජසිංහ රජුට පෙරද දෙමළ රජවරු තුන් දෙනෙක් රජකම් කළහ. පඬියන්ට සියල්ල පැටලෙන්නේ ඔවුන් සුද්දන් වන්දනාවට පිවිස ඇත්තේ අන්ධයන් ලෙස බැවිනි. එසේම ඔවුන්ට කිසිදා සිංහල ජාතියේ හොඳක් දැකීමට නොහැකි යම් තේරුම් ගත නොහැකි ආබාධයකින් පෙලෙන බව අප දුටුවේ අද ඊයේ නොවේ. අන්ත ජාතිවාදී යයි හඳුන්වන ජ. වි. පෙ. අගමැති අපේක්ෂකයා ලෙස කදිරගාමර් මහතාව නම් කළේ ඔහුගේ ජාතිය නොදැන නොවේ. සියයට සියයක් සිංහලයන්ගෙන් සමන්විත හෙළ උරුමය තම පක්ෂයේ මන්ත්රීි අසුනක් ආනන්ද සංගරී මහතාට පරිත්යානග කිරීමට තීරණය ගත්තේද ඔහුගේ ජාතිය කුමක්දැයි නොදැන නොවේ. මේ අනුව බලන කල පඬියන් නොමැති රටක සුලු ජාතිකයන් බොහෝ දේ දිනා ගනු ඇත.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to ඔබාමා සහ ශ්‍රී වික්‍රම රාජසිංහ

  1. asanka says:

    හොද කතාවකට මුල පුරලා තියනවා,ඇත්තටම ලොකු කතිකාවක් ඇති විය යුතු මටෘකාවක් කියලා මම නම් හිතන්නේ.

  2. ඔබාමා ජනාධිපති වෙච්ච දවස්වල (එවකට මම බිලොග් රචකයෙක් නොවේ) මගේ සමහර මිතුරන්ට මම ඔබ කියනා මෙම කාරණය මතක්කර දුන්නා.ඒ දවස්වල හැමෝම හිටියේ “අන්න බලන්න ඇමරිකාවේ සුලු ජාතිකයෙක් ජනපති වෙලා – අපේ රටේ නම් කවදාවත්ම එහෙම වෙන එකක් නෑ” කියන මතයේ තමයි.අනික ඒ හැමෝම අමතක කරපු කාරණයක් තිබ්බා. ඔබාමා ගේ අම්මා සුදු ජාතික කාණ්තාවක්.ඔහු අර්ධ කල්ලෙක්.

ප්‍රතිචාර දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s