චරිත ඝාතන

මේ නවීන ලෝකයේ මිනිසකු නැසීමට අපමණ ක්‍රම සහ විධි ඇත. මිනිසකු නැසීම යන්නෙන් අදහස් කරන්නේ යමෙකු ශාරීරිකව ඝාතනය කිරීම පමණක් නොවේ. යමෙකු ශාරීරිකව එසේම පවතින්නට ඉඩ දී මානසිකව අකර්මණ්‍ය කිරීමද අයත් වන්නේ එකතරා අකාරයක ඝාතන වර්ගයකටය. එම මානසික ඝාතන වර්ගයට අපි “චරිත ඝතන” යයි කියමු. යමෙකුගේ චරිතය ඝාතනය කිරීම අනෙකුත් සියළුම ඝාතන ක්‍රියාවලි වලට වඩා භයානයකය. ප්‍රේමදාස හිටපු ජනාධිපති තුමා තමුන්ගේ චරිතය ඝාතනය කරනවාට වඩා තමාව ශාරීරිකව ඝාතනය කිරීම යෙහෙකැයි පැවසුවේ චරිත ඝාතනය එතරම්ම භයානක නිසාය. ප්‍රේමදාස යනු දේශපාලන ලෝකයේ ඉතා දරුණු ලෙස චරිත ඝාතනයට ලක් වූවෙකි. ඔහුගේ චරිතය ඝාතනය කිරීමට බොහෝවිට උපකාරි කර ගත්තේ කට කතාය. එම කටකතා බොහෝ විට ඇත්ත ලෙස ඒත්තු ගැන්වෙන ආකාරයට ගෙතීමට එම කට කතා නිර්මාණකරුවන්ට හැකි වූයේ ඔවුන්ගේ නිර්මාණශීලීත්වය මොනවට විදහාපමිනි. වරෙක ඔහු යම් යාග කර්මයක් සඳහා ඇහි බැම බූ ගෑ විට එයට තවත් අසත‍ය අතුරු කතා එයට එකතු කිරීමෙන් එම බොරුවලටද සත්‍යය ආරෝපණය කිරීමට ඔවුන්ට හැකිවිය. එකල ප්‍රේමදාස ඇහි බැම නැතිව රූපවාහිණියේ නිතර පෙනී සිටි නිසා ඉතාම අසත්‍ය වූ අනෙකුත් කතන්දර නිරායාසයෙන්ම පිළිගැනීමට විචාර බුද්ධියක් නැති බොහෝ ජනතාව පෙලඹුණි. එම නිසාම බොහෝ හැකියාවන්ගෙන් හෙබි කාර්යශූර ප්‍රේමදාස විකට චරිතයක් ලෙස අති මහත් බහුතරයකට දැනුනා යයි කීම නිවැරදිය. චන්ද්‍රිකාට එරෙහිව වික්ටර් අයිවන් ලියූ චෞර රැජින නම් කෘතියේද ඇත්තේ අර්ධ සත්‍යයකයයි මම සිතමි. එහි තිබෙන සමහර පැහැදිලි සත්‍යයන් නිසා අසත්‍ය අර්ධයද සත්‍යයක් සේ ගැනීම සාමන්‍ය මනුෂ්‍යයාගේ ස්වභාවයයි. එය වඩාත් තහවරු වන්නේ වික්ටර් අයිවන් චන්ද්‍රිකා සමග අමනාපයෙන් පසු මේ කෘතිය කරළියට ඒම නිසාය. නාමල්ගේ ඇස්ටන් මාටින් රථය, සජිත්ගේ නිධන් කොල්ලකෑම් ආදියද වැටෙන්නේ චරිත් ඝාතන වලට බව අමුතුවෙන් කිව යුතු නොවේ.

චරිත ඝාතනය බහුලව යොදා ගැනෙන්නේ දේශපාලනයේදි වුවත් සාමාන්‍ය ජනතාව අතරද එය යොදා ගැනෙන අවස්ථා අනන්තවත් ඇත. බොහේ විට කාන්තාවක් අරභයා ගොතනු ලබන කට කතා පැතිර යන්නේ සුලි සුලඟකට වඩා වේගයෙන් ඇයට මුලු ආත්මයම අහිමි කරමිනි. කාන්තාවන් අරභයා කරනු ලබන බොහෝ චරිත ඝාතනවලදි පිරිමින් ඒ සඳහා පෙරමුණ ගනු දැකිය හැකිය. ඒ කුමක් හෝ පරණ තරහක් පිරිමහ ගැනීමටය. ඉතා දුක් මහන්සියෙන් වැඩ කොට යම් උසස් ජීවන තත්වයක් ගොඩ නගා ගත් පුද්ගලයන්ට චරිත ඝාතන වල නිමක් නැත. ඒ සුවකල නොහැකි රෝගයක් යයි හඳුනාගෙන තිබෙන ඊර්ෂ්‍යාව නිසාය. එවන් චරිත ඝාතන තුලින් එම පුද්ගලයන්ගේ පවුල් පන්සල් අවුල් වීමත් ඔවුන් මෙතෙක් ගොඩ නගාගත් සියල්ල අහිමි වීමත්  සිදුවිය හැක. චරිත ඝාතන කරුවන්ගේ එකම අරමුණද එයම වේ. 

මෑතකදි සිදුවූ චරිත ඝාතන අතර ප්‍රමුකත්වයක් ගන්නේ ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ යන සහෝදර ත්‍රිත්වයට එරෙහිව සිදුවන චරිත ඝාතනයන්ය.  ඔවුන් දේශපාලකයන් වීමත් මේ කපේදි විපක්ෂයට ඔලුව එසවීමට නොහැකි වීමත් යන කරණා නිසා ඔවුන් චරිත ඝාතන වලට ලක්වීම ස්වභාවිකය. බැසිල්ගේ 10% කොමිස් ගැහිල්ල, ගෝඨාභයගේ අවි ආයුධ ගනුදෙනු සහ විශාල ඉඩම් සහ ආයතන මිලදී ගැනීම්, මහින්දගේ “හෙල්පින් හම්බන්තොට” ඔවුන්ගේ චරිත ඝාතන සඳහා යොදා ගත් ප්‍රධාන අවි විය. කෙසේ වෙතත් එම චරිත ඝාතන අතේ පත්තු වීම මෙරට ජනතාව ලැබු ජයකි. ලාංකීය දේශපාලන තලයේදී විමල් වීරවංශ තරම් චරිත ඝාතන වලට ලක් වූ වෙනත් අයෙකු නැත. වැඩි කාලයක් විපක්ෂ මන්තීවරයකු වූ එහෙත් කිසිදා ජනපති තරඟයකට තබා මහ ඇමති තනතුරකටවත් තරඟ නොකල ඔහු බොහෝ අයගේ ද්වේෂයට පාත්‍ර වන්නේ ඔහුගේ චතුර කථිකත්වය මගින් විපක්ෂයට සිදු කරන හානිය බව රහසක් නොවේ. වඩාත්ම පැසසිය යුතු කටයුත්ත නම් ඔහු ඒවා ගැන එතරම් තැකීමක් නැතුව තමුන්ගේ කාර්යය නිවැරදිව සිදු කිරීම නිසා අති මහත් බහුතරය ඒවා පිළිනොගන්නා මට්ටමට පත් වීමයි. විමල් තමුන්ට එරෙහිව අඳින ලද කාටූන් පවා යොදා ගත්තේ තමුන්ගේ ප්‍රචාරක උපක්‍රමයක් ලෙසය. මේ නිසා දැන් චරිත ඝාතන කරුවන්ගේ චරිතය සියල්ලන් ඉදිරියේ හෑල්ලු වෙමින් පවති. එය රටට වැඩදායක වන බව නිසැකය. මේ අකාරයෙන් බැලූ විට පැහැදිලි වන දෙයක් නම් චරිත ඝාතකයන් යනු දිගු කලක් තිස්සේ අපේක්ෂා භංගත්වයට පත්වූ හෝ ඊර්ෂ්‍යාවෙන් විකෘතියට පත්වූවන් හෝ වෙනත් යම් මානසික අසහනයකින් පෙලෙන්නවුන් බවය. ඒ කෙසේ වෙතත් කොන්දක් සහ බුද්ධියක් ඇති කිසිවකු චරිත ඝාතකයන් නිසා පසුපසට විසි විය යුතු නැත. ඒ වෙනුවට කළ යුතු වන්නේ විමල් වීරවංශ සහ රාජපක්ෂ සහෝදර සමාගම මෙන් එඩිතරව ඒ සියල්ලට මුහුණ දී චරිත ඝාතකයන්ව නන්නත්තාර කිරීමය.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to චරිත ඝාතන

  1. “පල ඇති රුකටනේ ගල්ගහන්නේ”

  2. Sapumal says:

    චරිත ඝාතනයේ පෙරමුණේ සිටින්නේ මහින්ද අබේසුන්දර මැතිඳුය. නමුත් මහේලලාගේ චරිත ඝාතනය කිරීමට ගොස් නෑවේය.

ප්‍රතිචාර දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s