අර්ජුන ක්රිකට් සහ දේශපාලනය

මා මේ ලිපිය ලිවීමට මුළ පිරුවේ ලෝක කුසලාන තරඟයෙන් අපි අනු ශූරයන් බවට පත්වී එහි උණුසුම වියැකෙන්නට පෙරය. ශ්‍රී ලංකාවේ නොයෙක් නොයෙක් ක්‍රීඩා ඇතත් ක්‍රිකට් තරම් ජනප්‍රිය ක්‍රීඩාවක් නැත. පොල් පිත්තකින් හෝ ක්‍රිකට් ක්‍රීඩා නොකළ කෙනෙක් මේ ලක තුළ වේ නම් ඒ විරලය. අද කොල්ලො කුරුට්ටන්ගෙ සිට මහලු මිනිසුන් මතු නොව ගැහැනුන්ගේද සාමන්‍ය ජීවිතයේ කටයුතු ක්‍රිකට් ක්‍රීඩාව රූපවාහිනියෙ ප්‍රචාරය වනවිට ඇණහිටින බව පැවසීම අතිශ්‍යෝකතියක් නොවේ. අද අපි ලෝක කුසලානය වරක් දිනා ගත්තා පමණක් නොව පිට පිට දෙවතාවක් අවසාන තරඟයට වරම් ලැබීමට තරම් සමතුන් බවට පත්ව ඇත්තෙමු. මීට දසක දෙකකට ප්‍රථම අපි සිටියේ හැඩ්ලිට බයේ දෙපා වෙවුලන ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් යයි පැවසීම එකල මෙහි සිටි ක්‍රිකට් ක්‍රීඩකයන්ට කරන අපහාසයක් නොවේ. අද ක්‍රිකට් ක්‍රීඩාව ලංකාව තුළ මේ තරම් ප්‍රබල තත්වයකට පත්වීමට එම ආධුනික ක්‍රිකට් ක්‍රීඩකයන්ද යම් තරමකට දායක වූ බව පැවසීම මුසාවක් නොවේ. ඒ අතරම මෙරට ක්‍රිකට් උන්මත්තක බාවයෙන් පෙළුනු අපගේ ක්‍රීඩාලෝලින්ද තවත් බොහෝ කාරණාද බලපැවේය. මේ කියන කාරණා අතර මට සිහිවන එක් ප්‍රබල කාරණයකි අර්ජුන රණතුංග.  තම මව සමග පාසල් ගිය අර්ජුන ක්‍රිකට් ලොව සසල කරන චරිතයක් වේයයි කිසිවකු කිසිදා නොසිතන්නට ඇත. ඔහු අපූරු චරිතයකි. මම අද මේ ලිපිය වෙන් කරන්නේ ඔහු පිළිබඳව කෘතවේදිත්වයකිනි. වයස දහ අටක කොලු ගැටයකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වී පළමු ටෙස්ට් තරඟයේදීම අර්ධ ශතකයක් තමාගේ නම ඉදිරියෙන් සනිටුහන් කරගැනීමට ඔහුට හැකි වූයේ එකල ක්‍රිකට් යෝධයන් වූ අනුර තෙන්නකෝන්, බන්දුල වර්ණපුර,දුලිප් මෙන්ඩිස් සහ අනුර රණසිංහවද අභිබවමිනි.  තම මවගේ අතේ එල්ලි ආනන්දයට ගිය මෙ කොලුවා ලොව සොලවන කිර්කට් ක්‍රීඩකයෙකු වේයයි එදා කිසිවකු නොසිතන්නට ඇත. ඔහු එදා 1982දී ආරම්ඹ කළ ඒ මහා සද් කාර්‍යය සෙමින් සෙමින් ඔහු නායකත්වය වෙත තල්ලු කරනු ලැබුවේ ලංකා මාතාවගේ වාසනාවට බව ක්‍රිකට් ලැදි සියල්ලෝම පිළිගන්නා සත්‍යයකි.  ඔහු ලංකා කණ්ඩායමට එක් වූ විගස කණ්ඩායම අමුතුම මුහුණුවරක් ගත්තේය. සියලුම කණඩායම් රැස්වීම් සිංහලෙන් පැවැත්වීමට ඔහු කටයුතු කළේය. එමගින් ඉංගීසි කතා කළ නොහැකි නිසා නිහඬව හුන් බොහෝ ක්‍රීඩකයන්ගේ වටිනා අදහස් ලබා ගැනීමට ඔහුට හැකිවුණි. එසේම තරඟයකට පෙර ආගමික වතාවත් කිරීමේ පිළිවෙත ඔහු තම කණ්ඩායමට හඳුන්වා දුන්නේ ක්‍රීඩකයන් තුළ තිබිය යුත්තේ ක්‍රීඩාව පමණක් නොවන බව ඒත්තු ගන්වමිනි. ඔහු විසින් කළ තවත් විශේෂ කාර්යයක් වන්නේ කණ්ඩායම් සාද සඳහා ජාතික ඇඳුම අඳගෙන පැමිණීමයි. මෙතෙක් එක කුලයකට පමණක් සීමාවූ ක්‍රිකට් සියළු ජනත්වා සඳහා විවර වී ඇති බව පඇල්මු වරට මිනිසුන්ට දැනුනේ අර්ජුනගේ ආගමනයත් සමග ඇතිවූ මේ වෙනස් කම් වලිනි.  අර්ජුන මුලු ලෝකයේම ක්‍රිකට් ලෝලින් තමා වෙත ආකර්ෂණය කර ගන්නේ 1996 ලෝක ශූරතාවයට පෙර ඕස්ට්‍රේලියාවේ පැවති සංචාරයේදිය. එහිදී මුරලිට එරෙහි ක්‍රිකට් විනිසුරුවරුන්ගේ අසාධාරණ තීරණවලට විරෝධය පෑවේ සිංහයකු ලෙසිනි. සුද්දන් අපිට වඩා උසස්ය සහ ඔවුන්ට වරදින්නේ නැතැයිද සිතා සිටි බොහෝ අයට ඔහු එල්ල කළේ හයේ පහරකි. ඔහු තමාගේ අවයාජ සිංහලත්වය මෙහිදි තම වෘතීය සගයා වෙනුවෙන් ප්‍රදර්ශනය කළේ තමුන්ගේ මුළු ක්‍රිකට් අනාගතයම අවදානමකට ලක් කරමිණි. ඒ අතින් බැලූ කළ ඔහු මෙරට දේශපාලකයන්ටද ඉගැන්වූයේ වටනා පාඩමකි. මහින්ද රාජපක්ෂ ඇරුණු විට එම පාඩම ඉගෙන ගත් වෙනත් දේශපාලකයෙක් මගේ සිතට නොනැගේ. ඔහු 1996දී ලෝක කුසලාන අපට දිනා දුන්නේ ලංකාව පමණක් නොව සමස්ත ආසියාවම සිනා කඳුළුවල ගිල්වමිනි. ලංකාව තව දුරටත් කුඩා වන්නේ එහි භූගෝලීය ප්‍රමාණයෙන් පමණක් බව 1996 ජයග්‍රහණය සැමට සිහි ගන්වනු ලැබුවේ එහි නියමුවා වූ අර්ජුන පිළිබඳ අපේ ගරුත්වය අලුත් කරමිණි. අර්ජුන යනු කවරෙක්දැයි ඔහු නැවත වරක් පෙන්වා දෙන ලද්දේ ලෝක කුසලානය සමග ගාමිණි දිසානායකගේ නිවසට ගොස් තමා කණ්ඩායමට ඇතුලත් කරගැනීම පිළිබඳව කෘතවේදිත්වය ඔහුගේ පවුලේ අයට පළ කිරීමෙනි. බොහෝ අයට තමා පටන් ගත්තේ කෙසේදැයි අමතක වන රටක ඔහු දුන්නේ මහඟු ආදර්ශයකි. ඒ තමුන්ගේ දේශපාලන පසුබිම ගාමිණි දිසානායකගේ දේශපාලනයට ඉඳුරාම වෙනස් වෙද්දීය. ඒ අතරම මුදලට දකුණු අප්‍රිකාවට ගොස් රටේ ක්‍රිකට් අනාගතයම අඳුරු කළ ක්‍රීඩකයන් සිටි රටක ඔහු මුදලට විකිණීම ප්‍රතික්ෂේප කළේය. ඔහු කිසිදිනක මුදලට වෙළඳ දැන්වීම්වල පෙනී නොසිටියා පමණක් නොව පුණ්‍ය කටයුතු උදෙසා වන දැන්වීම් වල නොමිලේ පෙනී සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා  දැඩිව බැඳුණු පවුල් පසුබිමක ජීවත් වූවත් අර්ජුන කිසිදා දේශපාලනයට පිවිසීමට කැමත්තක් නොදැක්වූ බව පෙනී යයි. ඔහුගේ ප්‍රථම දේශපාලන ප්‍රවේශය සනිටුහන් වන්නේ සිහළ උරුමය සමාරම්භක උත්සවයට ඔහුගේ පැමිණීමත් සමගය. එකල සිටි චන්ද්‍රිකා රජයේ යුද්ධය පිළිබඳ ප්‍රතිපත්තියත් සිංහලයා පිළිබඳ ප්‍රතිපත්තියත් පිළිබඳව කලකිරී සිටි ජනතාවට එහි අඩුව පුරවමින් පැමිණි දේශපාලන සංවිධානයකි සිහළ උරුමය. ඔහු එහි පෙනී සිටීම මගින් මවිතයට පත් කලේ සාමන්‍ය ජනතාවට වඩා ඔහුගේ පියාය. කෙසේ හෝ සිහළ උරුමය සමග දිගු ගමනක් යාම නැවැත්වුයේ චන්ද්‍රිකාගේ බලපෑම මත ඔහුගේ පියා විසින් බව රහසක් නොවේ. චන්ද්‍රිකාට අර්ජුනගේ විභවය පිළිබඳව සිහිපත් වූයේ ඉන් අනතුරුවය. චන්ද්‍රිකාගේ සහ ඔහුගේ පියාගේ පෙරැත්තය පිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වන්නෙ වෙනත් පක්ෂ වලට බැන වැදීමට නොව ක්‍රීඩාව සඳහා යමක් කීමට බව පැවසීය. අර්ජුනගේ ඉතිහාසය එය එසේ නොවෙයයි කියන්නට කිසිවකුට ඉඩ දුන්නේ නැත. දේශපාලනයට පිවිසීමෙන් පසු එහි නිවෙදකයන් වෙනත් පක්ෂවලට පහර දීම සඳහා යොදා ගැනීමට සිටියත් එය  ව්‍යර්ථ වූයේ අර්ජුන එය තරයේ ප්‍රතික්ෂේප කළ නිසාය. අර්ජුන චන්ද්‍රිකා විසින් දේශපාලනයට ඇද දැමූ දා සිට ඔහු ක්‍රියා කලේ ච්නද්‍රිකාවාදියකු ලෙසය. අකමැත්තෙන් දේශපාලනයට පිවිසි ඔහුට නිවැරදි දේශපාලන දැක්මකින් මෙහෙය නොවෙන බව දිස්වූයේ මහින්ද රාජපක්ෂ ජනපතිවරණයට 2005දී තරඟකරන විට චන්ද්‍රිකා අනුව යමින් ඔහුගේ කකුලෙන් ඇදීමට ක්‍රියා කල නිසාය. ඔහු ක්‍රිකට් පිටියේ දැක්වූ වීරත්වය මෙන්ම නිවැරදි නායකත්වය ඔහුගේ දේශපාලන ගමන තුළ දක්නට නොවීම අභාග්‍යයකි. පසුව ඔහු චන්ද්‍රිකා අනුව යමින් සරත් ෆොන්සේකාගේ දේශපාලනය හා එක් වන්නේ මේ ක්‍රිකට් ලොව හෙල්ලූ අර්ජුනමදැයි යන ප්‍රශ්නාර්ථය සියල්ලන්ගේම මුවඟ රඳවමිනි. වරෙක බියගුලු දේශපාලුවන්ට ඉගැන්වූ ඔහු දේශපාලනයට පිවිසි පසු ක්‍රියා කලේ නොදරුවකු මෙන් යයි කීවොත් වැරදි නොවේ. අර්ජුනගේ පියා චන්ද්‍රිකාගේ සමීපතමයෙක් වුවත් මහින්දගේ කකුලෙන් අදින තැනට වැටී සිටියේ නැත. පසු කලීනව අර්ජුන යූ. එන්. පි. දේශපාලනයට නතු වීම ඔහුගෙ පියා සහ සහෝදරන් විසින් වැළකූ බව සියලු දෙනා දන්නා රහසකි. මේ අනුව අර්ජුනගේ දේශපාලනය කුමක්දැයි පැහැදිලිය. ඔහු මේ යන මගේම දිගටම යාම තුළ හානි කර ගන්නේ ක්‍රිකට් තුළින් ගොඩනගාගත් තමුන්ගේම ඒ දැවන්ත ප්‍රතිරූපයට බව නොදැනීම අරුමයකි. ක්‍රිකට් ලැදි එහෙත් ඊටත් වඩා රටට ලැදි අයෙකු වශයෙන් මට අර්ජුනගෙන් ඉල්ලීමට ඇත්තේ එකම එක ඉල්ලිමක් පමණි.

“අර්ජුන ඉස්සර වගේ ආපහු රට ගැන සිතන්න”

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to අර්ජුන ක්රිකට් සහ දේශපාලනය

  1. එකම එක කරුණකට හැර මුලු ලිපියටම එකගවිය හැක.අර්ජුන යුනියන් ඇෂුවරන්ස් සමාගමේ වෙළද දැන්වීමක් සදහා රූපවාහිනියේ පෙනී සිටියා මතකයි.

  2. @ජයශ්‍රී
    නිවැරදි කිරීමට ස්තුතියි

ප්‍රතිචාර දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s