හිඟන සමාජය

මීට වසර පහළවකට පමණ පෙර මා විසින් නරඹන ලද හිඟන්නන් පිළිබඳව ගෙතුනු ටෙලි නාට්‍යයක් මතකයට නැගීම නිසා මෙය ලිවීමට සිත්විය. එම ටෙලි නාට්‍යයේ නම මතකයේ නැතත් එය මා නැරඹූ හොඳ ටෙලි නාට්‍යයක් වන්නේ ලංකාවේ හිඟන සමාජය පිළිබඳව ඉතා සවිස්තර විමසුමක් එමගින් කර තිබූ බැවිණි.යමෙකු හිඟන සමාජයට තල්ලු වන සමාජ හේතු වලට වඩා එමගින් අවධානය යොමු කර තිබුණේ හිඟනන්ගේ ජීවන රටාව සහ ඒ වටා බැඳුනු අප නොදැන සිටි කරුණුය. මෙම ටෙලි නාට්‍යය සඳහා අප අතරින් වියෝවුනු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නනදසේන රතනපාල විසින් සිදු කෙරුණු පර්‍යේෂණ හේතු වන්නට ඇතයි සිතමි. ඒ මහතා යාචකයකු ලෙස වෙස් ගෙන ඉගෙන් ගත් යාචකයන්ගේ ජීවිතය සැබවින්ම විමතිය දනවන සුළුය.

එම ටෙලි නාට්‍යට අනුව එක්තරා පුද්ගලයකු තමුන්ගේ නිවස පිලිස්සි යමෙන් පසු අසරණ භාවයට පත්වේ. ඉන් පසු ඔහු ජීවිකාව කර ගැනීම පිණිස හිඟාකෑම අරඹයි. නමුත් ඔහුට ඔහුගේ පාඩුවෙ හිඟාකෑම කරගත නොහැකි වන්නේ හිඟන රැකියාව සිදුවන්නේ හිඟන රජා යයි කියනු ලබන ව්‍යාපාරියකුගේ අනුදැනුම ඇතුව ඔහුගේ සේවකයෙක් විලස වීම නිසාය. හිඟන රජා ඔහු යටතේ සේවය කරනු ලබන සියලුම යාචකයන් පාලනය කරනු ලබන අතර ඔවුන් හිඟන ස්ථානය කරා ප්‍රවාහනය කරනු ලබන්නෙද  ඔවුන්ට හිඟා කෑමේදි අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය උගන්වන්නේද ඔහුය. ඔහු විසින් යාචකයන් අන්ධයන් සේ හැසිරෙන්නේ කෙසේද යන්න මනාව පුහුණු කරනු ලබයි. සබන් කා මී මැස් මොර රෝගියකු මෙන් හැසිරෙන්නේ කෙසේද , පික් පොකට් ගසන්නේ කෙසේද, අනුන්ගේ දරුවකු තමුන්ගේ දරුවකු මෙන් වඩා ගෙන හිඟමන් යදින්නේ කෙසේද ආදී යාචකයකු විසින් ප්‍රගුණ කළ යුතු ශිල්පයන්හි කෙළ පැමිණි හිඟන රජාට යාචකයන් හැසිරවීම එතරම් අපහසුවක් නොවේ. ඔහු යටතේ සේවය කරනු ලබන යාචකයන් තමුන්ට ලැබෙන රසවත් කෑම පැකට්ටුව පවා හිඟන රජා වෙත ලැබීමට සලසන්නේ එම කෑම පැකට් අලෙවි කිරීමට ඔහුට හැකිවන පරිද්දෙනි. මෙම ටෙලි නාට්‍යයේ කියන ආකාරයට සමහරුන් විසින් පිං තකා හෝ බාරයක් ඔප්පු කිරීම සඳහා යාචකයකුට කෑමකට තම නිවසට පැමිණෙන ලෙස ආරාධනා කළ විට ඔහු විසින් දහසකුත් එකක් වූ කොන්දේසි දමයි. එම කොන්දේසි අතර කසිප්පු ලබාදීම, මුදල් ලබාදීම වැනි දේ වෙයි. එවන් කොන්දේසි වලට යට නොවී යාචකයකුට ගෙදරට ගෙන්වා කෑමක් දීමට සිතීමට පවා නොහැකිය. මේ මට එම ටෙලි නාට්‍යයේ මතක තිබුණු කොටස් පමණි. ඊට අමතරව මා විසින්ද කිසිදු අපහසුවකින් තොරව අහුලාගත් යාචක ජීවිතය පිළිබඳව මට ඇති අත් දැකීම් කිහිපයක්ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. රජය විසින් යාචකයන්ට බස් රථවල හෝ දුම් රියවල හිඟා කෑම තහනම් කිරිමට පෙර ඔවුන් ජයට ගෙන ගිය ව්‍යාපාරයක් වූයේ බෙරයකට ගසමින් ගීත ගැයීමයි. මෙම ගී කියන යාචකයන්ගේ විශේෂත්වය වන්නේ ඔවුන් බොහෝ විට ගායනා කරන්නේ ජෝතිපාලගෙ ගීත වීමයි. යම් අවස්ථාවලදී ඔවුන් මිනිසුන්ගෙන් මුදල් ඉල්ලන්නේ ඉතාම මැර ආකාරයකින් ආඩපාලි කියමිනි. යම් කිසිවකු සුළු මුදලක් දුන් විට සමහර යාචකයන් පවසන්නෙ එවන් මුදලකට ගීත කීම පාඩු බවය. එය ඔවුන් පවසන්නේ මිනිසුන් විසින් ඔහුව ආරාධනය කොට ගීත කියවා ගත් අයුරිණි. මා කුඩා කාළයේදි කොළඹ බාහිර රෝගී අංශයට ගිය කළ එක් යාචකයකු පැමිණ රෝගීන්ට ගීත ගැයීම ජයට කරගෙන ගියේය. ඔහු සමහර රෝගින්ව අපහසුවට ලක්වන ආකාරයෙන් උපහාසයට ලක් කරනු මට මතකය. කිසිවකු ඔහුට විරුද්ධව මික් හඬක් නොනගන්නේ ඔහුගේ තරතිරම දන්න නිසාය. මේ යාචකයන් බොහෝ විට පාදඩයන් වන අතර මිනිසකුට හිරිහැර කිරීමට ඇති ඉඩ ඉතා ඉහළය. ඔවුන් යම් වරදක් කොට අත් අඩංගුවට පත් වූ විට හිඟන රජා ඔහු වෙනුවෙන් ක්‍රියා කරන්නේ පොලීසිය මතු නොව දේශපාලුවන්ද තම පැසෙහි බව මොනවට ඔප්පු කරමිනි. තවත් බොහෝ යාචකයන් සිදු කරනු ලබන රඟපෑමක් වන්නේ කුම හෝ අබාධයක් කියා මිනිසුන්ගේ අනුකම්පාව දිනා එමගින් කීයක් හෝ ඉල්ලා ගැනීමය. වරෙක එක් යාචකයෙක් ඔහුගේ පපුවේ අලවා ඇති ප්ලාස්ටර් එකක් පෙන්වා එය ශල්‍යකර්මයක කිරීමෙන් පසු අලවන ලද්දක්ක්යයි පවසමින් මගේ මිතුරාගෙන් රුපියල් දහයක් කඩා ගත්තේය. ඊට වසර දොළහකට පමණ පසු එම පුද්ගලයාම එම තුවාලයම පෙන්න මගෙන් මුදල් මුදල් ඉල්ලුවේය. මා එකළ බස් රථයකට නැගි විට දකින සුලබ දසුනක් වන්නේ එක් යාචකයෙක් ඔහුගේ බෙල්ලට තට්ටුවක් දමා පයිප්ප හඬක් අසෙන්නට සලස්වා එම ශබ්දය ශල්‍යකර්මයක් මගින් උගුරට බටයක් දැමීම නිසා වූවක් බව පවසයි. ඔහු අතේ ව්‍යාජ යයි සිතිය හැකි රාමු කරන ලද වයිද්‍ය සහතිකයක්ද දැකිය හැකිය. දකින සුලබ දසුනක් වන්නේ එක් යාචකයෙක් ඔහුගේ බෙල්ලට තට්ටුවක් දමා පයිප්ප හඬක් අසෙන්නට සලස්වා එම ශබ්දය ශල්‍යකර්මයක් මගින් උගුරට බටයක් දැමීම නිසා වූවක් බව පවසයි. ඔහු අතේ ව්‍යාජ යයි සිතිය හැකි රාමු කරන ලද වයිද්‍ය සහතිකයක්ද දැකිය හැකිය. පුරහල බස් නැවතුම් පොලේදි මට අපූරු යාචකයෙක් හමුවී ඇත. ඔහුගේ දෙපා අහිමිය. ඔහු සිරිතක් ලෙස පුරහල බස් වලට නැග හිඟා කෑම කරගෙන ගියේය. ඔහුගේ දෙපා නොමැති බව ඉඳුරාම පැහැදිලි බැවින් සියල්ලෝම ඔහුට අවංකවම අනුකම්පා කළහ. මේ නිසාම බොහෝ පිරිසක් ඔහුව මිතුරකු සේ සලකන්නද පුරුදුව සිටියෝය. පුරහල බස් මගීන් සිතුවේ ඔහු තරම් හොඳ යාචකයකු තමුන් දැක නැති බවය. දිනක් යාචක කාන්තවක් ඔහුට පෙර බස් රථයකට ගොඩ වීමට සූදානම් වූ සැණින් මේ කියන අහිංසක යාචකයගේ මුවින් පිටවූ නොසරුප් වදන් වලින් එහි සිටියවුන්ගේ ඇඟ කිළි පොලා ගියේ තමුන් මෙතෙක් සිටි මිත්‍යාවේ තරම කියා පාමිනි. මේ නිසාම බොහෝ පිරිසක් ඔහුව මිතුරකු සේ සලකන්නද පුරුදුව සිටියෝය. පුරහල බස් මගීන් සිතුවේ ඔහු තරම් හොඳ යාචකයකු තමුන් දැක නැති බවය. දිනක් යාචක කාන්තවක් ඔහුට පෙර බස් රථයකට ගොඩ වීමට සූදානම් වූ සැණින් මේ කියන අහිංසක යාචකයගේ මුවින් පිටවූ නොසරුප් වදන් වලින් එහි සිටියවුන්ගේ ඇඟ කිළි පොලා ගියේ තමුන් මෙතෙක් සිටි මිත්‍යාවේ තරම කියා පාමිනි. එම යාචක කාන්තාවද ඊට ප්‍රතිචාරය දැක්වූයේ දෙපා අහිමි තම වෘතීය සගයාට පා පහරක් එල්ල කිරීමට ඉදිරිපත් වීමෙනි. තවත් වරක් අමුතු උපකරමයක් භාවිතා කරන් යාචකයෙක් හමු විය. ඔහු පා පැදියක් තල්ලු කරගෙන යයි. එහි එක් ටයරයක හුලං නැත. පැච් එකක් දමා ගැනීමට කීයක් හෝ ඉල්ලමින් ඔහුගේ දවසේ ජීවිතය ගෙන යයි. ඔහු ඊට දින දෙකකට පසු වෙනත් තැනක එම කතාවම කියා මගෙන් මුදල් ඉල්ලුවේය. පළමු දින මට්ටු වූ මට දෙවෙනි දින එය නොතකා හැරීම එතරම් අපහසු නොවීය. මේ ආකාරයට බැලූ විට යාචක සමාජයේ උපක්‍රම දිනෙන් දින වෙනස් වී ඇත. අප කුඩා කල අපගේ ගෙවල්වලට පැමිණ හාල් ඉල්ලූ යාචකයන් අද නැත.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

ප්‍රතිචාර දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s