පඬියන්ට ගිය රට

ලංකාව සංස්කෘතික කාන්තාරයක්යයි වරෙක ශ්‍රීමත්  අයිවර් ජෙනිංග්ස් පැවසීය. එය කොතෙක් දුරට සත්‍යයදැයි මම නොදනිමි. නමුත් ශ්‍රී ලංකාව පඬියන්ගේ පාරාදීසියක් බවනම් කවුරු නොකීවත් මෑත යුගය පිරික්ෂේමෙදි ඔනෑම අයකුට පැහැදිලිව පෙනෙන සත්‍යයකි. මෙම පඬියන්ට අනුව ශ්‍රී ලංකාවේ ඇත්තේ ජනවාර්ගික අර්බුධයකි. දෙමළ ජනයාට වෙන කාටවත් නැති ප්‍රශ්න තිබේ. මෙරටේ පවතින මෙම අර්බුධය විසඳිය හැක්කේ බලය බෙදීමෙන් පමණි. සිංහලයන් විසින් දෙමළ ජනතාව පාගා දමනු ලැබ ඇත.

පඬියන්ගේ මෙම කියමන් ජනතාව අතර සෙමෙන් කාවැද්දීම බටහිර රටවල් විසින් ජයට කරනු ලබයි. ඒ මෙම මතය නියෝජනය කරන් පඬියන් සඳහා ශිෂ්‍යත්ව, විදේශ චාරිකා සහ අනෙකුත් වරදාන ලබා දීමෙනි. මේ සියලු දේ සඳහා තම ආත්මය පාවා දෙමින් මොවුහු මේ විකාර කතා ඉඩ ලැබෙන සියලුම මාධ්‍ය වලින් ප්‍රචාරය කරති.

මෙම කතා පළමුවරට අසන විට “මුන්ට පිස්සු” යයි මුවින් නිහඬව නිකුත් වුවත් කල් යෑමේදී මොවුන් පඬියන් බැවින් මොවුන්ගේ කතා සෙමින් සෙමින් විස්වාස කරන්නට පෙළඹේ. ඊට විරුද්ධව යමක් කීම තමන් මෝඩයකු යනුවෙන් හංවඩු ගැසීමට හේතු වේයයි ඔවුහු සිතති. මෙලෙස බිය වූ පඬියෝ දැන් බ්ලොග් අවකාශය දෙවනත් කරමින් තමුන් විසින් නයට ගත් පඬි අදහස් වමාරමින් තමුන්ද පඬියන් බව පෙන්නිමට උත්සාහ කරති. කොටි සුන්නත්දූලී කිරීමෙන් පසු අද අපිට පැවරී එක් ප්‍රධාන කාර්ය බාරයක් වන්නේ නිරුවතින් සිටින මේ පඬියන් නිරුවතින් සිටින බව අප කුඩා කළ අසා තිබූ කතාවේ පොඩි එකා මෙන් හඬ ගා කියා සිටීමය.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

2 Responses to පඬියන්ට ගිය රට

  1. Kathandara says:

    හැම දේකම දෙපැත්තක් තියෙනවා නේද?

  2. මතකද ඔය පඩියෝ පතුරපු තවත් මිත්‍යාවක් තමයි කොටින් ව කවදාවත්ම යුද්ධයෙන් පරාජය කරන්න බෑ කියල කියන එක. ඒත් නිවැරදි නායකත්වය, අරමුණ කෙරෙහි කැපවීම වගේ දේ නිසා අපේ වීරෝධාර රණවිරුවන් මිලේච්ඡ කොටි පරාජය කරල යුද්ධය ජයගාහීව නිමාකළා.ඒක දරාගන්න බැරිතැන තමයි ඔවුන් අපේ හමුදාව යුධ අපරාධ කළා කියන මිත්‍යාව වපුරල අපේ ජයග්‍රහණය බාල කරන්න උත්සහ කරන්නේ.මාර්සුකී දරැස්මාන් කම්ටු වාර්තාව කියන්නේ දැන් ඒ අයගේ ලොකුම ගැලවුම්කාරයා.

ප්‍රතිචාර දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s