ඉස්තෝප්පුව කුමක් සඳහාද?

මගේ බ්ලොග් අවකාශය ඉස්තෝප්පුව යනුවෙන් නම් කලේ ඇයිදැයි යමෙකු මගෙන් අසනු ඇත. එය දිගු කතාවක් වුවත් කෙටියෙන් මෙසේය.

මගේ සීයා මීට වසර අනූවකට  පමණ පෙර දකුණේ පිහිටි සිය නිවසින් පැනවිත් තම ශක්තියෙන් ඉහළ සාර්ථකත්වයක් අත් කර ගත් ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවකු විය. ඔහු ඉතා විශාල දේපල ප්‍රමාණයක් උපයා තිබුණත් ඔහුගේ දරු මුනුබුරන්ට පින්සිදුවන්නට බොහෝ දේ නැතිවී අපි කුඩා කළ වාසය කළ නිවස ඇතුලු ඉඩම පමණක් ඉතිරි විය.

එම නිවස කාමර පහක නිවසක් වූ අතර මා මෙහි සඳහන් කරන ඉස්තෝප්පුවද විය. මෙම ඉස්තෝප්පු කෑල්ලෙහි ඇඳි පුටු කිහිපයක් වූ අතර ඉඳ ගැනීම සඳහා සුදුසු බැම්මක්ද විය. අපේ ගෙදර විසූවන් බොහෝ විට යම් යම් දේ කතා බහ කළේ මෙමෙ ඉස්තෝප්පුවෙහි තමනට සුදුසු ලෙස වාඩි ගනිමින්ය.

වැඩිහිටියෝ ඇඳි පුටු වල වාඩි වූ අතර බාළයෝ බිම හෝ බැම්මේ වාඩි ගත්හ. මෙහිදී කතා වූ දේවල් අතර ප්‍රධාන තැනක් ගත්තේ දේශපලනයයයි කිවහොත් නිවැරදිය. මෙම සාකච්ඡාවලදි අසල් වැසියන්ද සම්බන්ධ වූ අවස්ථා එමට තිබුණි. මෙහිදී ඉතා උණුසුම් ලෙස වාද විවාද ඇති වුවත් කෙදිනක හෝ කැරකොප්පුවකින් අවසාන වන තත්වයට එම වාද දුර දිහ ගියේ නැත. සමහර දේශපාලන සාකච්ඡා වලට අපේ ගමේ එකළ විසූ පොල් කඩමින් ජීවිකාව ගෙනගිය පුද්ගලයාද සහභාගි වූ බව මතක් කරන්නේ ඔහු පිළිබඳ ගෞරවයෙනි.

අපගේ ඉස්තෝප්පුවේදී කතා බහ වලට අමතරව මේස වලට තට්ටු දමමින් සින්දු කියමින් විනොද වූ සාජ්ජද විය. විහිළු කතවලින් බොහෝ විට බඩේ බඩවල් එලියට එනතරම් සිනාසීමට අපට හැකිවුණි. බොහෝ අසල් වැසියන් රාත්‍රි දහය පමණ වන විට නිදා ගැනීම සිරිතක් වුවත් අප මැදියම් රැය පසුවන තුරුත් අවදිව තබා ගැනීමට ඉස්තෝප්පුව සමත් විය.

ඉතාමත් කළකිරුණු කරුණනම් අප නිදා ගත්විට මෙම ඉස්තෝප්පුව බල්ලනට විවර වීමය. පාරේ යන එන මන් නැති බල්ලො මෙහි නිදා ගත් අතර මට පසුදින බලු අශූචී අදින්නට වූ අවස්ථා ගනණාවක් ඇතිවිය. පන්ති නායකයකු ලෙස ලැබූ අත් දැකීම මෙම කාර්ය සඳහා උපකාරී වූ බව සිහිපත් කරන්නේ මාව පන්ති නායක කමට පත් කළ ගුරුවරුන් පිළිබඳ නොනවතින ගෞරවයකිනි. 

මගේ මෙම බ්ලොග් අවකාශය දේශපාලනයට මෙන්ම විනෝදයටත් එකසේ විවර කරන්නට මම තීරණය කළේ අපේ ඉස්තෝප්පුවේ මෙම ඉතිහාසයයි. මෙහි මගේ අතින් ලියවෙන සෑම වැකියක්ම මා ඉපදුණු රට වෙනුවෙන් මිස පුද්ගලයන් උදෙසා නොවේ. පුද්ගලාභිවාදනයන් මගේ අතින් ලියවේනම් ඒ රට වෙනුවෙනි.

මෙහි සංවාදයන් සියල්ලන්ට විවෘතය. එන්න මා හා එක්වන්න.

Advertisements
This entry was posted in Uncategorized. Bookmark the permalink.

4 Responses to ඉස්තෝප්පුව කුමක් සඳහාද?

  1. Kathandara says:

    මේ බ්ලොග් එක සින්ඩිකේටර්ස් වලට එකතු කළාද?

    blogs.sinhalablogggers.com
    syndi.lankeeya.lk
    si.hathmaluwa.org

  2. ඉස්තෝප්පුවට ජයශ්‍රී ගෙන් සුභපැතුම්! කළණ මිතුරෙක් බව ලියල තියෙන ලිපි වලින් හොදටම පැහැදිලියි.

ප්‍රතිචාර දක්වන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s